ICC ප්‍රධානීන් මුණගැසීමට ගිය උපාලිවයි රඛිතවයි ආපසු හරවා එවයි Featured

Published in Gossip
Tuesday, 21 November 2023 13:00

ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි පෙත්සම සඳුදා දිනයේදීය අධිකරණයේ විභාගයට ගැනුණි. ඒ අතරවාරයේ හොරෙන්ම ICC ප්‍රධානීන් හමුවීමට ඉන්දියාවට ගිය උපාලි ධර්මදාස සහ විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ පුත් රඛිත රාජපක්ෂව හමුවීම ICCය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

 දේශපාලන අතපෙවීම් හේතුවෙන් ICCය පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නට යෙදුණි. ඒ අතරවාරයේ ඇමතිවරයා විසින් පත්කළ අතුරු කමිටුවට අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරන ලද පසුබිමක, නීතියානුකූල බවක් නොමැති එම අතුරු කමිටු සාමාජිකයින්ව මුණ ගැසීම ICCය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ එය නීති විරෝධී අතුරු කමිටුවක් වන බැවින් බව අපි කළ විමසීමකදී දැනගැනීමට ලැබිණි.

ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයකින් පත්වූ නීතියානුකූළ පාලක මණ්ඩලය පිළිගන්නා ICC ය, ඔවුන්ගේ පරිපාලන කටයූතුවලට දේශපාලන අතපෙවීම් තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. උපාලි ධර්මදාස මහතා සහ රඛිත රාජපක්ෂ මහතා මේ උත්සහය දරා ඇත්තේ ඇමති රොෂාන්ගේ අනුදැනුම ඇතිව ද බව පැහැදිලිය. කෙසේ වෙතත්, ඇමතිවරයා අධිකරණයටද කරුණු වසන්කර ඇති බව සඳුදා පැවති නඩු විභාගයේදී ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

Last modified on Tuesday, 21 November 2023 13:16

Leave a comment

 

ld add copy

Connet With Us