රොෂාන්ගේ නීතිවිරෝධී වැඩ නිසා ජනපති රනිල්ගේ ඉල්ලීමත් ICCය ප්‍රතික්ෂේප කරයි

Published in Gossip
Wednesday, 22 November 2023 10:35

උපාලි ධර්මදාස සහ රඛිත රාජපක්ෂ විසින් ICC ප්‍රධානීන් වෙන වෙනම හමුවී ලිපි ඉදිරිපත්කිරීමට ගන්නා ලද සියලු උත්සහයන් ICC ප්‍රධානීන් විසින් ප්‍රතිකෂේප කර ඇති බව ලංකා ඩේලි පසුගිය දා වාර්තා කළෙමු.

ක්‍රීඩා ඇමති රෝෂාන් රණසිංහ විසින් අත්තනෝමතික තීන්දුවක් ගෙන පත් කරන ලද අතුරු කමිටුව අධිකරණය විසින් වාරණය කරන ලද පසුබිමක, මෙම නීතිවිරෝධී අතුරු කමිටු සාමාජිකයින් දෙදෙනා ඇමැතිවරයාගේ අනුදැනුම අනුව ICC ප්‍රධානීන් වෙන වෙනම හමුවීමට උත්සහ දැරීමේ සිදුවීම, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතට දේශපාලන බලපෑම් ඇති බව තවදුරටත් තහවුරු කිරීමක් වශයෙන් ICCය විසින් හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුද්ගලිකවම කළ ඉල්ලීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින් සිදු කරන ලද ඉල්ලීමද ICCය වෙතින් ප්‍රතික්ෂේපවීමට, උපාලි ධර්මදාස සහ රඛිත රාජපක්ෂගේ නීතිවිරෝධී දේශපාලන බලපෑම්කිරීමද හේතු වී ඇති බව ප්‍රකාශකයෙක් සඳහන්කර සිටියේය.

කෙසේ වෙතත් දේශපාලකයින්ගේ වැරදිවලට ක්‍රීකඩ ක්‍රීඩිකාවන් වෙත දඬුවම් ලබාදීම අසාධාරණ බව ඒත්තු ගන්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම එලෙසම පැවතිය ද ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ අවස්ථාවක් ලබාගැනීමට සභාපති ශම්මි සිල්වා ඊයේ දිනයේ සමත් විය.

එනමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම තව දුරටත් දීර්ඝ කර ඇති අතර, එම නිසා 19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි විය. එය දකුණු අප්‍රිකාවට ලබාදීමට ICCය තීරණය කර ඇත. එයින් ලංකාවට සිදු වූ අලාභය ඩොලර් මිලියන 100ට වැඩි බව ගණන් බලා තිබේ. දැනටමත් විදේශ කණ්ඩායම් සඳහා වෙන්කොට තිබූ හෝටල් කාමර 900ක් අවලංගු කර අතර තවත් 10,000ක පමණ සංචාරකයින් පිරිසක් රටට පැමීණීමට තිබූ අවස්ථාව අහිමි කරගැනීමෙන් සහ ICCය විසින් ලබාදීමට නියමිතව තිබූ මුදල් අත්හිටුවීම නිසා රටට සිදුවන ඩොලර් මිලියන 100කට වැඩි පාඩුවට සහ අපකීර්තියට ක්‍රීඩා ඇමතිවරයා හෝ ඔහුගේ මුග්ධ ක්‍රීයාකලාපයට උඩගෙඩි දෙමින් සිටින විපක්ෂය ඇතුළු දේශපාලකයින් වගකියනවා දැයි අසන්නට සිදුව තිබේ..

Last modified on Wednesday, 22 November 2023 11:33

Leave a comment

 

ld add copy

Connet With Us