යූඑන්පීකාරයෙකු ලෙස අභිමානයෙන් මැරෙන්න යන මන්ත්‍රී කවුද? Featured

Published in Gossip
Monday, 04 December 2023 20:44

"සජබ සමඟ සිටින එජාපයේ හිටපු ප්‍රබලයෙක් පසුගියදා 'මගේ දේශපාලන ජීවිතයේ අවසාන අරමුණ යූ එන් පී කාරයෙකු ලෙස අභිමානයෙන් මියයාම' යැයි පවසා තිබුණේ, රනිල් සමඟ එක්ව ජාතික එකඟතාවකින් යුතු පුළුල් ආණ්ඩුවක් ගොඩනැගීමට අපේක්ෂාවෙන් සිටින සජබ මන්ත්‍රීවරුන් පිරිස අතර පැවති සාකච්ඡාවකදීය.''

මේ කොටස උපුටා ගත්තේ chatham street journal පුවත් පතේ මුල් පුවතිනි. තවදුරටත් කරුණ සොයා බැලීමේදී හෙළි වූයේ ආර්ථිකය ගැන පරිචයක් ඇති යහපාලන සමයේ ඇමැතිධුරයක් හෙඹවූවෙකු මෙන්ම එජාපයේ මහ ලේකම් ධුරයද දැරු අයකු බවය. එමෙන්ම මේ වන විට සජබයේ ඉහළම තනතුරක් හිමි අයකි. මීට තෙවසරකට පෙර අවස්ථාවක එජාපය හා සජබය අතර සමගිය ඇති කිරීම සඳහා සාකච්ඡා කිරීම වෙනුවෙන් සජබය ඔහුව පත්කර තිබිණි.

චැතම් ස්ට්‍රීට් ජර්නල් පුවත

අලුත් අවුරුද්දේ
අලුත් ආණ්ඩුවක්

රට බංකොළොත් බව ප්‍රකාශවීමත් සමඟ බොහෝ දෙනෙක් සිතුවේ ඉන් මිදීමට දීර්ඝ වේදනාත්මක කාලයක් ගතවේ කියාය. කෙනෙකු දින වකවානු කියමින් වසර දහයක් දොළහක් යන බව කීවේය. ඇතැමුන් සිතුවේ එය කිසිසේත් කළ නොහැකි බවය. ඊට හේතු තිබිණි. මන්ද සම්පත් බහුලව තිබෙන නමුත් තවමත් බංකොළොත්ව තිබෙන රාජ්‍යයන් ගනනාවක් එසේ පවතින බැවිනි. එහෙත් ජනාධිපති රනිල් එය වසර එකහමාරක් යන්නට මත්තෙන් එය ඉටු කළේ දෙස් විදෙස් දේශපාලන නායකයන් විශ්මයට පත්කරමිනි.

තව සති කීපයකින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබීමත්, විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයත් සිදුවීමට නියමිතය. ඒ අනූව 2024 උදාවන්නේ, ලංකාව බංකොළොත් භාවයෙන් නිදහස්වීමේ සුබපණිවිඩයත් සමඟය. මේ වර්ධනයන් සමඟ මෙරට දේශපාලනයේ හැරවුමක් සිදු වෙනු ඇත. තවදුරටත් ජනතාවට පීඩාකාරී තත්වයන් ඇතිවීම අහෝසි වී, යළි රට සංවර්ධනයේ මාවතට පිවිසීම නිසැකවම සිදුවීම මත ආණ්ඩු විරෝධය වෙනුවට ආණ්ඩුව ජනප්‍රිය වීම වැලැක්විය නොහැක. මේවන විටත් මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ නව පිබිදීමක ලකුණු පහළව තිබේ. රජය විසින් ගත් ආර්ථික හා දේශපාලනික ප්‍රතිව්‍යුහගත කිරීමේ රැඩිකල් තීන්දුතීරණ වඩා නිවැරදිවවත් සක්‍රීයවවත් ක්‍රියාත්මක වීම ඇරැඹී ඇත. එළැඹෙන වසර තුළ මේ යථාර්ථය තුළ අත්පත්කරගන්නා ප්‍රතිලාභයන්ගේ ප්‍රතිපලය ලෙස රටේ දේශපාලනික පරිසරය වෙනස් වීම සිදු වෙනු ඇත. ඒ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණ විසින් පෙන්වන ප්‍රතිපලය ඊනියා සමීක්ෂණ වාර්ථා, ඊනියා රැළි, මාධ්‍ය සංදර්ශන වල බොරුව හෙළිකරනු ඇත. මේ අනුව මේ අවබෝධය සහිත පිරිසට දේශපාලනික වශයෙන් තීරණයක් ගැනීමට බලකර ඇත.

මේ අතර ලැබෙමින් තිබෙන සුබ පණිවිඩයක් වන්නේ විපක්ෂය නියෝජනය කරන් පිරිස් ගනනාවක් ජනපති රනිල් සමඟ එක්වීමෙහි සාකච්ඡා සඳහා එළැඹෙමින් තිබෙන බවටය. මේ වන විටත් ජනපති රනිල් දෑත දරාගෙන සිටින මල්වට්ටියට අතගැසීමට සජබ මංත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව දැනගැනීමට තිබේ. සජබ සමඟ සිටින එජාපයේ හිටපු ප්‍රබලයෙක් පසුගියදා ”මගේ දේශපාලන ජීවිතයේ අවසාන අරමුණ යූ එන් පී කාරයෙකු ලෙස අභිමානයෙන් මියයාම, යැයි පවසා තිබුණේ, රනිල් සමඟ එක්ව ජාතික එකඟතාවකින් යුතු පුළුල් ආණ්ඩුවක් ගොඩනැගීමට අපේක්ෂාවෙන් සිටින සජබ මන්ත්‍රීවරුන් පිරිස අතර පැවති සාකච්ඡාවකදීය. දැනගැනීමට තිබෙන තොරතුරු අනුව මෙම තීරණයෙහි සිටින පහළොස් දෙනෙකුගෙන් පමණ යුතු මෙම පිරිස, ස්වාධීන කණ්ඩායමක් ලෙස ආණ්ඩුවට එක්වන්නේද? පක්ෂයක් ලෙස එක්වීමට සජබ නායක සජිත් ප්‍රේමදාසට බලකිරීමට තවදුරටත් ඉඩක් තිබෙනවාද? යන සාකච්ඡාවේ මේ වන විට නියැලෙමින් සිටී. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ යළි එජාපය සමඟ සෘජුවම එක්වීමය. ඒ සඳහා මැදහත්කරුවෙකු ලෙස එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට මැදිහත් වන ලෙස සජබ ප්‍රබලයන් කිහිප දෙනෙකු ආරාධනා කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම පිරිසට අමතරව තවත් සැලකිය යුතු පිරිසක් මෙම සජබ ප්‍රබලයන් කණ්ඩායමේ තීන්දුව අනුව සජබයෙන් වෙන් වී ජනාධිපතිවරයාට සහය පළකිරීමේ තීරණයට එළැඹිමේ සුදානමින් සිටින බවත් දැනගැනීමට ඇත.

මේ අනුව ඉදිරි වසර ආරම්භ වනු ඇත්තේ මෙම දේශපාලන පෙරැළියට අවශ්‍ය වටපිටාවත් සැකසෙමිනි. මේ තත්වය මත අනෙක් කුඩා පක්ෂ ගනනාවකටත් තීරණයක් ගැනීමට සිදු වන්නේ සුළං හමන දිශාවට ඔවුන්ටද ගසාගෙන යෑමට නොවුණහොත් ඔවුන්ගේ දේශපාලනයද පරාජිතවීම අනිවාර්යයක් වන තත්වයන් නිර්මාණය වන නිසාය.
කෙසේ නමුත් ජනාධිපතිවරයා මුල් අවස්ථාවේ සිටම විපක්ෂයෙන් ආයාචනා කර සිටියේ ජාතික එකඟතාවයකින් යුතුව සියළු දෙනා එක්වී රට ගොඩනැඟීමට මේ දුෂ්කර මොහොතේ දායක වන ලෙසය. එම සහය නොලැබුණත් ඔහු රට ගොඩනැඟීමට අවශ්‍ය නව්‍ය සහ ශක්තිමත් පදනම මේ වන විට දමා අවසන්ය. මේ අනුව එළැඹෙන වසර තුළදී හෝ ජාතික එකඟතාවයක් අනුව කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ අති බහුතරයක් එකතුවීම, ජනතා අභිලාශයන් ඉටුවී, ශ්‍රී ලංකාවට පූර්ණ සංවර්ධනය අත්පත්කරගැනීම සඳහා වන මාර්ගයට පහසුවෙන් පිවිසීමක් වනු ඇත.

Last modified on Monday, 04 December 2023 20:46

Leave a comment

 

ld add copy

Connet With Us