සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

Published in Gossip
Tuesday, 29 October 2024 11:23

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක වරුණ රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රාදේශීය රැස්වීම් ගනනාවකට සහභාගී වීම විශේෂ සිදුවීමක්ව තිබේ.

රට පුරා මැතිවරණ මෙහෙයුම් ගනනාවක් සිදු වෙමින් තිබිය දී මෙම නායක දෙපළම හදිස්සියේම වරුණගේ රැස්වීම් කිහිපයක් සඳහා සහභාගී වීම සජබ පාක්ෂිකයන් පවා පුදුමයට පත් කර ඇත.

දැන ගැනීමට තිබෙන පරිදි ගම්පහ සජබ හිටපු ආසන සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට සජබයේ නාමයෝජනා ලබා දී තිබියදීත් ඔහු සජබය පරාජය කිරීම වෙනුවෙන් එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කරමින් තිබේ. ඒ අතර සජබයේ ගම්පහ නව සංවිධායක හා සජබ මහමැතිවරණ ප්‍රචාරක කමිටුවේ සාමාජිකයකු වන වරුණ රාජපක්ෂට එරෙහිව සිදු කරන පහත් ප්‍රචාරක මෙහෙයුමක් පිළිබඳවද දැන ගැනීමට තිබේ.

මේ අනුව අජිත් මාන්නප්පෙරුම ගම්පහ සජබ පාක්ෂිකයන්ගේ නිවෙස් වලටම ගොස් සිය දුක් ගැනවිලි පැවැසීමත් සජබයට ඡන්දය නොදී රුවන් විජේවර්ධනට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් ඇත. මේ වෙනුවෙන් මුදල් වැය කරමින් සමාජ ජාලා ප්‍රචාරක මෙහෙයුමක් සහ යූටියුබ් නාලිකා වල සාකච්ඡා කීපයකුත් කර ඇත.

කොහොම නමුත් ගම්පහ ආසනයේ පලාත් පාලන අපේක්ෂකයන් සහ හිටපු පලාත් සභා මන්ත්‍රීවරු 39 දෙනෙකු පමණ මේ වන විට වරුණගේ මැතිවරණ ජයග්‍රහණය වෙන්වෙන් එකතු වී කටයුතු කරයි. සජබ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක හර්ෂණ රාජකරුණා සහ සහ අපේක්ෂක අජිත් බස්නායක මේ වන විට වරුණ සමඟ වෙනම මැතිවරණ මෙහෙයුමක්ද දියත් කර ඇත.

ඒ අතර ඊයේ උදෑසන සිට උදේම අජිත් මාන්නප්පෙරුම තමාට සමීපව කටයුතු කළ සජබ හිටපු මන්ත්‍රී වරුන්ට සහ පාක්ෂිකයන්ට දුරකතන ඇමැතුම් ලබා දෙමින් සහ ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් වරුණට උදව් නොකරන ලෙසත් ඉල්ලීමක් කර ඇත. සංවිධානය කර තිබෙන ප්‍රාදේශීය රැස්විම් (පොකට් රැස්වීම්) නොපවත්වන ලෙසත් ඉල්ලා තිබේ.

"මාස දෙකකින් මම ආයෙ ගම්පහ සංවිධායක වෙනවා. ජන්දෙන් පස්සෙ සජිත්වත් නායක කමින් අයින් කරන්න අපි වැඩ ලෑස්ති කරල තියෙන්‍නෙ" ඒ හින්ද නොමිනේෂන් ඕනෙ නම් අද රැස්වීම් කැන්සල් කරන්න " යනුවෙන් දැඩි බලපෑමක් කර ඇත.

මේ සිද්ධි දාමය සිදුවෙමින් පවතිද්දී, ඊයේ දහවල් හර්ෂණ සහ වරුණ ගම්පහ මාකවිට පැවැති රැස්වීම අතරතුර හදිසියේම සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර දුරකතන ඇමතුමක් ලබා දී "වරුණ මම සභාපතිතුමත් එක්ක එනවා අද කොහෙද ඔයා ඉන්නේ? '' යැයි විමසා වරුණගේ රැස්වීම් සඳහා සහභාගී වීමට පැමිණ ඇත.

මේ දෙදෙනාම ගම්පහ වරුණ රාජපක්ෂගේ පොකට් මීටින් මාලාවකට සභභාගී විය.
අජිත් මාන්නප්පෙරුම ඉවත් කරල පත්කරපු වරුණගේ රැස්වීම් වලට පැමිණි මේ නායක දෙපළ පවසා තිබුනේ, වරුණ කියන්නෙ කකුල් දෙක දැපැත්තෙ තියන් ඉන්නෙ නැති , ඉන්න තැන කොන්ද කෙලින් තියන් ඉන්න කොල්ලෙක් යනුවෙනි.

හදිස්සියේම වරුණට මේ සහතිකේ දෙන්න පක්ෂ ලොක්කො දෙන්නෙක් හදිසියෙ ගම්පහ පැමිණීයේ, වරුණ පරද්දන්න අජිත්ලා මාලිමාව සහ එජාපය ඒකාබද්ද මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබෙන මොහොතේ වරුණව ආරක්ෂා කරගැනීම සජබ නායකත්වයේ වුමණාව බව සජබෙ සාමාජිකයක්ට දැනුම් දීම වෙනුවෙන් බව පැහැදිලිය. කොහොම නමුත් මීට පෙර වාර්තා වී තිබුණේ වරුණ පාර්ලිමේන්තුවට පත් කර ගැනීම සජබ නායක සජිත් ප්‍රේමදාසගේ බලවත් වුවමණාවක් වී ඇති බවය.

සිය කඳවුර වෙනුවෙන් සෘජුව පෙනී සිටින දියුණු මතවාදයක් සහිතව සිටින වරුණ මේ දිනවල සිටින දක්ෂතම කතිකයා බවට පත්ව සිටී. විශේෂයෙන්ම ජවිපෙ සහ මාලිමා දේශපාලනට එරෙහිව දැඩි ප්‍රහාරාත්මක මැතිවරණ මෙහෙයුමක් සිදු කරන වරුණගේ මතවාදී දායකත්වය ඉදිරි සජබ පාලනයකදී සජබය වෙනුවෙන් කරන විශාලම දේශපාලන ආයෝජනය විය හැකි බව සජිත් ප්‍රේමදාස තේරුම් ගෙන තිබෙන බවත් මේ අනුව පැහැදිලි වන කාරණයයි.

ඊයේ දිනය තුළ ගම්පහ ආසනය පුරා මධ්‍යම රාත්‍රිය තෙක් රැස්වීම් ඇමැතූ රංජිත් - ඉමිටියාස් දෙපළ සජබෙ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානම සහ එකම රැස්වීමත් ගම්පහ නගරයට ලබා දීමට පොරොන්දු වී ඇති බවත් දැන ගැනීමට තිබේ.

Leave a comment

ld add copy

Latest News

යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක්

යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක්

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යන අතර මෙම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද...

Connet With Us