බට නළා ශිල්පිණියගේ නළල මත සමනලයෙක් වසයි (වීඩියෝ)

Published in අනං මනං
Friday, 19 September 2014 11:38

සංගීතය විශ්ව භාෂාවක් බවත් එය රස විඳීමට භාෂාව බල නොපාන බව ත් අපි අසා ඇත්තෙමු.මිනිසුන්ට අමතරව සතුන් ද සංගීතයට ප්‍රතිචාර දක්වන අවස්ථා ද අපට හුරුපුරුදු ය.

ජාත්‍යන්තර බට නළා වාදන තරගයකදී සිය බට නළාව වයමින් සිටි ජපානයේ Yuki Ota නමැති 29 හැවිරිදි ශිල්පිණියකගේ නළල මත සමනලයෙකු වැසූ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා විය.

ඩෙන්මාර්කයේ ඔඩෙන්ස්හි පැවති Carl Nielsen International Flute Competition නමැති තරගය අතරතුර මෙම සිද්ධිය සිදුවී තිබේ.

සමනලයා නළල මත වැසීමෙන් පසු ඒ මත ඇවිදීම නිසා Yuki Ota ට සිය වාදනය නිවැරදිව කිරීම අභියෝගයක් විය.

ඇය හිස ගසමින් සමනලයා ඉවත් කිරීමට උත්සහ කළ ද සමනලයා ඇය අතහැර නොගියේ ය.

කෙසේ වෙතත්, Yuki Ota එම සිද්ධියෙන් සිය ඒකාග්‍රතාව බිඳ වැටීමට ඉඩ නොදිණි.

එම වාදන තරගයේ විනිශ්චය කරුවන් පවසන්නේ, වාදනය අතරතුර සමනලයා නළල මත වැසීමත්, සමනලයාගේ බාධා කිරීම් මධ්‍යයේ නිවැරදිව බට නළාව වාදනය කිරීමත් පුදුමසහගත බව ය.

(මුලාශ්‍රය -ABC News)

Last modified on Friday, 19 September 2014 11:41

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us