සිංහලයාගේ මහාවංශ ඉතිහාසයේ මුල්ම පරිච්ඡේදය ද ලේ වැකි යුද්ධයකි. ඒ ස්ව දේශික ගෝත්‍රිකයන්ගේ හා සිංහලයාගේ ආදීන් යැයි කියන සිංහ වංශිකයන්ගේ ජන ඝාතක යුද්ධයයි.
ඉන් පීඩාවට පත් වූයේ කුවේණිය හා ඇගේ දරුවන්ය. මේ එක් ගැහැණියකගේ ප්‍රශ්නයක් යැයි පෙනුනද මේ ඉතිහාසය පුර වූ සියලු ගැටුම් හීදී බැට කැවේ ගැහැණියයි ඇගේ දරුවන්ය. අද බැට කන්නේ ද ගැහැණිය හා ඇගේ දරුවන්ය.
උතුර නැගෙනහිරේ යුද්ධයෙන් ඉතුරු වූයේ අසූ දහසක් පමණ වැන්දඹුවන් හා පියවරු නැති දරුවන්ය. දකුණේද වුයේ එයය. අලුත්ගම සිදුවීමේදී අපි දැක්කේ පල්ලි පාසැල් වලට කොටුවුණු ගැහැණුන් හා දරුවන්ය.
මේ පිරිමින් උස්කොට සලකන ජාතිය හා ආගම නිසාය. ජාතිය පිරිමින්ගේ දෙයකි. එයට ස්ත්‍රියට අයිතිවාසිකම් කිව නොහැක.ඇයට ජාතියක් නැත. ජාතිය ඇය මනුස්ස දුවකද නොවේ. පිරිමියාගේ ජාතියට ඈ යටත්ය.
ආගම කවදත් ස්ත්‍රී විරෝධීය. එය බුදු දහමටත් කතෝලික හෝ ක්‍රිස්තියානියටත් ඉස්ලාමයටත් හින්දු වේද දහමටත් පොදු වූවකි.
ගැහැනියට සිදුවූයේ හැමදාමත් මේ ජාතියේ හා ආගමේ පිරිමි බලහත්කාරයට යටවීමය.
ඉතිරිය බලන්න

මේ වන විට ලංකාව සිය ඉතිහාසයේ ඛේදජනක යුගයේ තවත් අදියරකට අවතීරණය වී සිටී තිස් වසරක් තිස්සේ කළ යුද්ධයක් අවසන් කර තවත් විකාර රූපී නිහඬ එහෙත් බිහිසුණු වසර කිහිපයක් අපි ගත කරමින් සිටි අතර මේ වන විට ආගම් වාදී දි ගැසුණු සිවිල් කැරළි කාරිත්වයකට රට ඇද දමමින් තිබේ. ජාතිය ආගම මුල් කර ගත් මුග්ධයන්ගේ සටන් ශ්‍රී ලංකාවට අලුත් දෙ නොවේ ලෝකයටද අලුත් දේ නොවේ.