සජබයයි එජාපයයි එකතු වී හමාරයි ! අපි එකට ඉස්සරහට යන්නේ - සජිත්

Published in පුවත්
Friday, 01 May 2026 19:49

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද (01) කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැති මැයි දින රැලියේදී අදහස් දක්වමිනි.

එහිදී විපක්ෂනායකවරයා පැවසුවේ සමගි ජන බලවේගයේ මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපතිවරයා සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇති බවත් ඒ සඳහා තමන් සිය ස්තූතිය පළ කරන බවත්ය.

එමෙන්ම අදාළ සුබ පැතුම් පණිවිඩය මගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇති පරිදි සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගමනක් යාම සඳහා කමිටුවක් පත් කළ යුතු බව සඳහන් කර ඇති නමුත් පක්ෂ දෙක මේ වන විට එක්ව ඇති බැවින් එම කමිටු අවශ්‍ය නොවන බවද සඳහන් කළේය.

විපක්ෂනායකවරයා එහිදී අදහස් දක්වමින් පැවසුවේ අදාළ කමිටු තුළ සිටින ඇතැම් පුද්ගලයින් මෙම එක්වීම කඩාකප්පල්කාරී කිරීමට කටයුතු කරන බවත් කෙසේ නමුත් ඔවුන්ගේ එම කුමන්ත්‍රණකාරී ක්‍රියාපිළිවෙතට මින් පසු ඉඩ තැබීමට කටයුතු නොකරන බවත්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us