Fast & the Furious - 7 සූදානමින්

Published in අනං මනං
Thursday, 06 November 2014 11:54
Fast & the Furious ලොව පුරා සිනමා රසික රසිකාවන් අතරේ අතිශය ජනප‍්‍රිය වූ ක‍්‍රියාදාම චිත‍්‍රපට මාලාවක්. එහි මීළඟට පැමිණෙන්නට නියමිතව ඇත්තේ හත්වැනි චිත‍්‍රපටය යි. එහි පූර්ව ප‍්‍රචාරක පටය පසුගිය සතිඅන්තයේදී අන්තර්ජාලයට මුදා හැරුණි.
පසුගිය වසරේදී මේ පිළිබඳ වැඩි අවදානයක් යොමු වුණේ එහි ප‍්‍රමුඛ සිත්ගන්නා සුළු චරිතයක් වූ බ‍්‍රයන්හට පණ දුන් හොලිවුඞ් නළු පෝල් වෝකර්ගේ මරණයත් සමගින්ය.
 
එය ඔහු රඟපෑ අවසාන චිත‍්‍රපටය ද විය. පසුගිය වසරේ නොවැම්බර් මස 30 වැනිදා මාරක රිය අනතුරකින් පෝල් වෝකර් ජීවතුන් අතරින් සමු ගන්නාවිටදී  Fast & the Furious - 7චිත‍්‍රපටයේ රූගත කිරීම්ද අවසන් කර නොතිබුණේය.
 
පෝල් වෝකර්ගේ වියෝව Fast & the Furious චිත‍්‍රපට මාලාවේ අනාගතය කෙරෙහි අපැහැදිලි තත්ත්වයක් ඇති කළත් ඔහුගේ සොහොයුරු කෝඞ් වෝකර් නව චරිතයක් ලෙසින් Fast & the Furious 8 වැනි චිත‍්‍රපටයේ සිට සහභාගි වන්නට නියමිතව තිබේ.Fast & the Furious 7 වැනි චිත‍්‍රපටයේද පෝල් වෝකර් අවසන් නොකළ රංගන කොටස් සඳහා දායකත්වය ලබා දුන්නේ ද කෝඞ් විසින්ය.
 
පෝල් වෝකර්ගේ 41 වැනි ජන්ම දිනයද පසුගිය සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදී තිබුණි. දැනට 15 වියේ පසුවන ඔහුගේ දියණිය මිඩෝ වෝකර් ඔහුගේ උපන්දින සැමරුම වෙනුවෙන් සමරු සටහනක් අන්තර්ජාලයට නිකුත් කළාය. වෝකර් ඇය කුඩා වියේදී ගත් ඡුායාරූපයක් සමග Happy Birthday…'' I Love You   යන්න එහි සටහන්ව තිබුණි.
 
පෝල් වෝකර් සහභාගි වූ එහෙත් අවසන් නොකළ  Fast & the Furious - 7 චිත‍්‍රපටය දැන් තිරගතවීමට සූදානමින් සිටියි. එහි ප‍්‍රධාන සතුරාගේ චරිතයට පණ පොවන්නේ තවත් සුප‍්‍රසිද්ධ නළුවෙකු වන ජේසන් ස්ටැතම් විසිනි. ලබන වසරේ අපේ‍්‍රල් මස පෝල් වොකර්ගේ මතකයද සමගින් මෙම චිත‍්‍රපටය සිනමා රසික ඔබට නැරඹීමේ අවස්ථාව උදාවනු ඇත.
 

worky

worky1

ld add copy

Connet With Us