සමරිසියන්ටත් දරුපල

Published in අනං මනං
Thursday, 26 February 2015 12:17

අද ලෝකය තුල සමරිසි සම්බන්ධතා සාමාන්‍යකරණය වී අවසන්. බොහෝ රටවල් සමරිසි විවාහයන් වෙනුවෙන් නව නීති පවා සම්මත කොට තිබෙනවා.

නමුත් සමාන ලිංගිකයන් දෙදෙනෙකුගේ එකතු වීමකදී දරුවන් හැදීමේ අවස්ථාව අහිමි වී යනවා. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය මේ සඳහාත් විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් සිදු කළ අධ්‍යනයකට අනුව තහවුරුව ඇත්තේ සමාන ලිංගිකයන් දෙදෙනෙකුගේ සමේ සෛල යොදාගෙන ඩිම්බ සහ ශුක්‍රානු නිපදවීමේ හැකියාවක් පවතින බවයි. මේ පරීක්ෂණය සඳහා ගර්භාෂ සෛල සහ තවත් සමාන ලිංගිකයින් පස් දෙනෙකුගේ සමේ සෛල යොදාගෙන තිබේ.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානි අසීම් සුරනි  පවසන ආකාරයට මෙම පරීක්ෂණය සාර්ථකව අත්හදා බැලීම සඳහා තවත් වසර දෙකක කාලයක් ගත වේවි.

 

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us