බිල් ගේට්ස් නැවතත් අංක එකට

Published in අනං මනං
Tuesday, 03 March 2015 12:42

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රෝසොෆ්ට් සමාගමේ හිමිකරුවා වන බිල් ගේ්ට්ස් නැවතත් තේරීපත්ව තිබෙනවා. ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව සිදුකරන ලොව ධනවත්ම පුද්ගලයින් ශ්‍රේණිගත කිරීමේ වැඩසටහනේ දී බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස තේරීපත්වුණේ 16 වැනි වරටයි.

ඔහුගේ සම්පූර්ණ වත්කම් ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 79.02ක් වන බවයි ෆෝබ්ස් සඟරාව පවසන්නේ.

අමෙරිකානු ඩොලර් බිලියන 77.1කට හිමිකම් කියන මෙක්සිකෝවේ ව්‍යාපාරිකයෙකු වන කාලෝස් ස්ලිම් ලොව ධනවතුන් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ලොවපුරා මේ වන විට සිටින බිලියනපතියන් සංඛ්‍යාව 1826ක් වනවා. පසුගිය මාස 12 තුළ පුද්ගලයින් 181 දෙනෙකු බිලියනපතියන් බවට පත්ව ඇති බවයි ෆෝබ්ස් සඟරාව පවසන්නේ.


ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිට 07 වැනි ස්ථානය දක්වා හිමිකර ගෙන සිටින්නේ පිරිමි පුද්ගලයින්. කාන්තාවන් අතරින් අමෙරිකාවේ ක‍්‍රිස්ටි වෝල්ටන් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 08 වැනි ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us