සෝනම් කපූර්ට සූකර උණ

Published in අනං මනං
Wednesday, 04 March 2015 11:09

සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර්ට සූකර උණ වැළඳීම හේතුවෙන් හදිසියේ රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම සෝනම් කපූර්ගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුට ද සූකර උණ වැළඳී ඇතැයි පැවසේ. ඇය රෝගී වී ඇත්තේ, Prem Ratan Dhan Payo නමැති චිත්‍රපටය සඳහා සල්මන් ඛාන් සමග රූගත කිරීම්වල නිරතව සිටියදී ය.

සෝනම් කපූර් ඉන්දීය සුපිරි නළු අනිල් කපුර්ගේ දියණියයි.

ගත වූ කාලය තුළ ඉන්දියාවෙන් වාර්තා වූ සූකර උණ රෝගීන් සංඛ්‍යාව 10,000 ඉක්මවා තිබේ. සූකර උණ හෙවත් H1N1 වෛරසය වැළඳීමෙන් මේ වන විට ඉන්දියාවේ ජීවිතක්ෂයට ලක් වූ සංඛ්‍යාව 700 කට ආසන්න ය.

sonam2

sonam3

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us