මෝදි අඹ

Published in අනං මනං
Wednesday, 01 April 2015 11:04

ඉන්දියාවේ ලක්‌නව්හි අඹ වගාවේ යෙදෙන ප්‍රකට වගාකරුවකු වූ හාජි කැලිමුල්ලා මෝදි අඹ නමින් නවතම අඹ විශේෂයක්‌ වගාකොට තිබේ.

ඔහුගේ ප්‍රාර්ථනාව වන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම අඹ රස බලනු දැකීමයි.

ඉන්දියාවේ විවිධ අඹ ප්‍රබේද නිපදවීම සහ ඒවා ජනප්‍රිය පුද්ගලයන්ගේ නම්වලින් හැඳින්වීම හාජි කැලිමුල්ලාගේ සිරිතක් බව වාර්තා වේ. මේ හේතුව නිසාම ඔහු පද්ම ශ්‍රී සම්මානයෙන් පවා පිදුම් ලබා තිබේ.  

මේ වනවිට අඹ ප්‍රබේද 300ක් පමණ නිපදවා ඇති ඔහු අයිශ්වර්යා සහ  සචින් තෙන්ඩුල්කාර්ගේ නමින්ද අඹ ප්‍රබේද හඳුන්වා දී තිබේ.

කැලිමුල්ලා පවසන්නේ මෙම මෝදි අඹ ඉතා හොඳ පැහැයකින් සහ හොඳ  රසයකින් යුතු  බවයි.

haji-kalimulla1

 

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us