චීන රෝගියෙකුගේ වකුගඩුවල ගල් 420ක්

Published in අනං මනං
Tuesday, 09 June 2015 12:59

චීනයේ චර්ජියැං ප‍්‍රාන්තයේ රෝහලකදී පුද්ගලයෙකුගේ වකුගඩුවල තැන්පත්ව තිබූ ගල් 420 ක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා. මේ ශල්‍යකර්මය සඳහා පැය දෙකක කාලයක් ගතව තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ තෝෆු නම් අධික කැල්සියම් අඩංගු ආහාරය ඇතුළු සෝයා නිෂ්පාදන වැඩිවශයෙන් කෑමට ගැනීම සහ ජලය අඩුවෙන් පානය කිරිම මෙයට ප‍්‍රධාන හේතුව බවයි.

උදරයේ ඇතිවු ආබාධයක් හේතුවෙන් අදාළ පුද්ගලයා සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සිදුකොට තිබේ. එහිදී ඔහුගේ වම් වකුගඩුව සම්පූර්ණයෙන් ගල්වලින් පිරී ඇති බව අනාවරණය වෙලා.

ගල් 420ක් කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. ඒත් මේ රෝගියාට ගල්වලින් ලෝක වාර්තාවක් තියන්න පුළුවන් වෙලා නෑ. ඒකට හේතුව මීට පෙර ඉන්දියාවේ රෝගියෙකුගේ වකුගඩුවල තිබී ගල් 172,155 ක් ඉවත් කර තිබීම නිසයි.

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us