ලෝකේ ලොකුම අයිස් ගුහාව

Published in අනං මනං
Saturday, 27 June 2015 15:02

අයිස්ලන්තයේ බලන බලන හැම තැනම අයිස්. මේ ඒකාකාරී බව නැති කරන්න තීරණය කරන අයිස්ලන්ත බලධාරීන් අයිස් ගුහාවක් නිර්මාණය කරනවා.

මේ ගුහාව තමයි මිනිස් අතින් නිර්මාණය වූ ලෝකයේ ලොකුම අයිස් ගුහාව. වසර 4ක මහන්සියක ප්‍රතිපලයක් ලෙස නිර්මාණය වුනු මේ ගුහාව මීටර් 1260ක දිගකින් යුතු වෙනවා.

මේ ගුහාව නිසා ග්ලැසියර නරඹනවා වගේම ග්ලැසියරයක් ඇතුලට යාමේ අවස්ථාත් ලැබෙනවා.  ඒවගේම සංචාරකයන්ට පොළව අභ්‍යන්තරයට ඇදී යන මේ ගුහාව හරහා ශතවර්ෂ ගණනාවකට පෙර යුගයේ අයිස් නැරඹීමේ අවස්ථාව හිමිවෙනවා.

 අයිස් නැරඹීමේ දී ඇස්වලට ඇතිවන අපහසුව මගහැරීම සඳහා ගුහා බිත්ති විවිධ පැහැයෙන් වර්ණ ගන්වා තිබෙන බව පැවසෙනවා. ඒ විතරක් නෙමේ ගුහාව අභ්‍යන්තරයේ රැඳී සිටිය හැකි පරිදි උද්‍යාන බංකු එහෙමත් නිර්මාණය වී තිබෙනවා.

කෙනෙකුට අවශ්‍යනම් විනෝද උත්සව, විවාහ පැවැත්විය හැකි පරිදි ගුහාව තුල වෙනම ස්ථානයක් පවතිනවා.

මේ ගුහාව පාලනය කරන සේවකයන්ට පැවරී තිබෙන ලොකුම රාජකාරිය වී තිබෙන්නේ සෑම  උදෑසනකම හිමෙන් වැසී යන ගුහා දොර පාදා ගැනීමයි.  ඒවගේම අයිස්ලන්ත බලධාරීන් පවසන පරිදි වෙනත් නඩත්තු කටයුත්තකින් තොරව මේ ගුහාව වසර 10 හෝ 15ක් මේ විදිහටම තියාගන්න පුළුවනි.

ice2

ice3

ice4

ice5

ice6

ice7

worky

worky1

ld add copy

Latest News

වාහන මිල අඩු වෙයි ද?

වාහන මිල අඩු වෙයි ද?

ඉදිරියේදී අදියර හතරක් යටතේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රං...

Connet With Us