එයට හේතුව ඔහු රංගනයෙන් දායක වූ 'හයිදර්' චිත්‍රපටයයි.
එම චිත්‍රපටයෙහි එන චරිතය සඳහා හිස මුඩු කිරීමටත් රැවුල හොඳින් වැවීමටත් ශාහිද්ට චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන විශාල් බාරද්වාජ් උපදෙස් දී තිබේ.
එමෙන්ම චිත්‍රපටයේ එන ශාහිද්ගේ පෙනුම රහසක් ලෙස තබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂකවරයා විසින් පොදු ස්ථාන වල නොගැවසෙන ලෙසත් ඔහුට පවසා තිබේ.
මෙම උපදෙස් පිළිගනිමින් සිය කොණ්ඩයද අහිමි කරගත් ශාහිද් මාස 3ක කාලයක් සිය නිවසේ රැඳි සිට ඇත.
එමෙන්ම ඔහුගේ මීළඟ චිත්‍රපටයේ පටිගත කිරීම ආරම්භ කිරීමට හිසකෙස් වැවෙන තුරු ඔහුට බලා සිටීමටද සිදුව තිබේ.
ශාහිද් කපූර්හට පසුගිය මාස 3ක කාලයක් නිවසින් බැහැර නොවී සිටීමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Latest News
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000ට ආසන්න වෙයි
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

