ගෑස් හිඟයක් පවතින බවට සහ මිල ඉහළ යන බවට පැතිර යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ලිට්රෝ සමාගම පවසයි. එම සමාගමේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ලිට්රෝ සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා පවසන්නේ ගෑස් මිල ඉහළ යනු ඇතැයි පැතිර ගිය කටකතා හේතුවෙන් ඇතැමුන් ගෑස් තොග සැඟවීමට උත්සහ දැරීම මෙම කෘත්‍රිම හිඟයට හේතුව බවයි.

දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී.උපුල් ගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

 

'මගේ හදවතට එකඟව සේවය කිරීමට නොහැකි නිසා මම තනතුරෙන් ඉවත් වුණා" යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපති රූමි මර්ෂුක්‌ මහතා ඊයේ (4 දා) ප්‍රකාශ කළේය.

පරිසරයට එරෙහි මානව ක්‍රියාකාරකම් වළකා ස්වභාවික උරුමයන්ගේ නිරුපද්‍රිත පැවැත්ම උදෙසා ඇප කැපවීම අපගේ වගකීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

මිහිදු හිමියන් ශ්‍රී ලංකාවට වැඩමකර මෙරට මිනිසුන් ශීලාචාර ජාතියක් බවට පත් කළ බවත් පසුව සිදුවූ මහින්දාගමනය සමග යළි මේ රට අශීලාචාර යුගයකට ගිය බව පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කාණ්ඩයක් විසින් අන්තර්ජාලය හරහා ජනතා මනස විකෘති කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මාධ්‍යවේදීන්ට ලබාදීමට නියමිත තීරු බදු රහිත යතුරුපැදි සඳුදා (8) සිට ඉල්ලුම්කිරීමට හැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ දුරකථන දත්ත පිළිබදව සොයාබැලීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.

ld add copy

Connet With Us