නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ආපනශාලාවක් තුළ නවක වදය ලබාදීමේ සිද්ධියකට අදාළව, එහි ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨයේ සිසුන් හයදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සති තුනක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 19,592ක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ තුන්වන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ.

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ රාත්‍රියේ නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබේ.

අද කොහොමද ?

Published in පුවත්
Friday, 07 August 2026 08:53

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (07) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ග්‍රාම නිලධාරී රාජකාරී ආවරණය කිරීමේදී උද්ගතව පවතින ගැටලු සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු අංශ අවධානයක් යොමු නොකිරීමට එරෙහිව එළැඹෙන 10 හා 11 දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත්වෙන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි ජාතික සංගමය පවසයි.

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

පරිසර දූෂණය (වායු දූෂණය) හේතුවෙන් ඇතිවන රෝගවලින් සෑම වසරකම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 7000 ක් පමණ අකාලයේ මියැදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන කියයි.

Page 1 of 1976

ld add copy

Connet With Us