හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරියගේ සැමියා වන දෙණියායේ තුසිත රනවක විසින් තවත් බලපත්‍ර රහිත තවත් වන අලි පැටවකු ළඟ තබා ගෙන සිටින බව අනාවරණය වේ.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට අයත් ගෙවත්තේ සඟවා තිබියදී මුන්දලම පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී රුවන් විජෙවර්ධන අද දින නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ධුරයේ වැඩ බාර ගැනීම  සිදු කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිම මන්ත්‍රීවරයකු හෝ එජාපයට සහ පොදු විපක්ෂයට සම්බන්ධ කිසිවෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට මරණ තර්ජන නොකරන බවත් එම චෝදනා මන්ත්‍රීවරයා ඔහුට එල්ල වී ඇති චෝදනා වලින් මිදීමට ගන්නා උපාය මාර්ගයක් බවත් දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී නිහාල් වෙදආරච්චි මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී සිරකරුවන් පිරිසක් මියයෑමේ සිද්ධියට අදාළ මෙතෙක් හෙළි නොවූ රහසිගත තොරතුරු රැසක් රජය වෙත ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය ලබා ගැනීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු කොන්දේසියකට එකඟ වී නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමේ ව්‍යාපාරය පවසයි.

විශේෂයෙන් සන්ධානයට බලය හිමි පළාත් සභා සහ ප්‍රාදේශීය සභා එක්‌සත් ජාතික පකෂය විසින් ඩැහැ ගැනීමට දරන උත්සාහය පරාජය කිරීමට පක්‌ෂය එකමුතු විය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩවීම වළක්‌වා ගැනීමටත්,

බැසිල් රාජපක්‍ෂ මහතා මෙතෙක්‌ හොබවන ලද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වසා දැමීමට නව රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ld add copy

Connet With Us