ජාතික බුද්ධි කාර්යාංශය (NIB)ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.ඒ අනුව මේ දක්වා ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට කිසිවකුත් පත් කර නැති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵළ නිකුත් වෙමින් තිබුණු ජනවාරී 09 වන දිනයේ පාන්දර විශේෂ හමුදා සහ පොලිස් ක්‍රියාන්විතයක් සුදානම් කර පැවැති බවට හෙළිවන ලියැවිල්ලක් ලංකා ඩේලි වෙත ලැබී තිබේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා කිසිදු ප්‍රධාන පක්ෂයකින් නාම යෝජනා ලබා ගැනීමට නොහැකිව සිටින දේශපාලන අනාථයන් එකතු කොට නව දේශපාලන සන්ධානයක් ගොඩනැගිමේ උත්සහයක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් උත්සහ කරමින් සිටින බව වාර්තාවේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතීඥ නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා පත් කර තිබේ.

අැමරිකාවෙන් ආනයනය කරන ලද බැක්ටීරියා ආසාධිත ඇපල් වෙළෙඳපොළෙන් ඉවත් කිරීම සඳහා අද සිට මෙහෙයුම් ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස අජිත් ඩයස් මහතා පත් වී ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ගැත්තෙකු බවට ලේක්හවුස් ආයතනය පත් වන්නේ නම් ඊට එරෙහිව අරගල කරන බවත් ජය ගත නොහැකි නම් අස්වීමේ ලිපිය තබා ‘ගෙදර යන’ බවත් ලේක්හවුසියේ නව කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රාත‍්‍රියේ රැස් වී ඇති අතර  මෙතෙක් පුරප්පාඩු වී තිබූ තනතුරු 4කට එහිදී නව නිලධාරීන් පත්කෙරුණු බව හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා  පවසයි.

ld add copy

Latest News

දින දෙකක් ග්‍රාම නිලධාරීන්ට අසනීපයි

දින දෙකක් ග්‍රාම නිලධාරීන්ට අසනීපයි

ග්‍රාම නිලධාරී රාජකාරී ආවරණය කිරීමේදී උද්ගතව පවතින ගැටලු සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු අංශ අවධානයක් යොම...

Connet With Us