ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල් පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන CargoAi සමඟ එක්ව තිබේ.

මැතිවරණ කොමිසම නිශ්චිතව ඡන්දය පවත්වන දිනය දැනුම් දුන් විගස  ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත‍්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලය විසින් පවසා තිබේ.

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි කාලගුණය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට අක්‍රමවත්ව බැහැර වන බව නාගරික සනීපාරක්‍ෂක අංශ පවසයි.

යාපනයේ, චුන්නාගම් ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයෙන් දිනකට එම මත්ද්‍රව්‍ය ග්‍රෑම් පන්සීයක් නිපදවීමට සූදානම් කර තිබූ බවට තොරතුරු ලැබී ඇතැයි යාපනය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ.

අල්ලස් කොමිසම වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.

2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

ld add copy

Connet With Us