ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා උනන්දුවක් දක්වන උපායමාර්ගික ආයෝජකයින්ගෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ සීමාසහිත ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් (TPTL) සමඟ එක්ව ජාත්‍යන්තරව උනන්දුව ප්‍රකාශ කිරීම් (Expressions of Interest-EOIs) කැඳවීමට තීරණය කර ඇත..

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන ‘උරුමය’ ජාතික වැඩසටහන අද (05) සිට ආරම්භ කරන බව ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

මහ කන්නයේ බඩ ඉරිගු වගාව සදහා දිස්ත්‍රික්ක පහකට වෙන් කරන ලද මුදල්   නිසි ලෙස ලබා නොදීම හේතුවෙන් කුඩා පරිමාණ කෘෂි ව්‍යවසාය සහභාගීත්ව වැඩසටහනේ අධ්‍යක්ෂවරිය (sapp) ඇතුළු එහි සේවය කරන කිහිප දෙනෙකු වැඩසටහනෙන් ඉවත් කර තිබේ.

?දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ඔහු දැනට දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් ඇති බව වාර්තාවෙයි.

නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළඳුන් සොයා අද (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

රජයේ හා රජයේ අනුමත පාසල්වල 2023 වසරේ තෙවන වාරයේ දෙවන අදියර අද(05) ආරම්භ විය.

ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව අද (05) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us