සියලුම Facebook ඇතුළු සියලු සමාජ මාධ්‍යවල සැරිසරන පුද්ගලයින් ලියාපදිංචි විමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.

අල්ලස් ‌ හෝ දූෂණ ‌‌‌චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස විනිසුරු නීල් ඉද්දවලව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය මගින් වාර්තා කරයි.

පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කොටසක් ගංවතුර හේතුවෙන් යටවී තිබේ.

කුඩා දරුවන් අතර මේ දිනවල ශ්වසන රෝග කිහිපයක් පැතිරෙමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල් සියයට 60.5 ක මාසික ආදායම පහළ ගොස් ඇතැයි නවතම

සමීක්ෂණයකින් අනාවරණය වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

යාපනය නගරයේ ගොඩනැගිල්ලක පිහිටි වෙළෙඳසැල් තුනක අද (28) අළුයම් කාලයේ දී හදිසි ගින්නක්  හටගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රවීන දැන්වීම් නිර්මාණ ශිල්පියෙකු  මෙන්ම ජනප්‍රිය තීරු ලිපි රචකයෙකු වූ හරිත් ගුණවර්ධන අද (28) උදැසන අභාවප්‍රාප්ත වී තිබේ.

ld add copy

Connet With Us