ජනතාව වෙනුවෙන් උපරිම, විශ්වාසදායි සෞඛ්‍ය සේවාවක් සැපයීම පිණිස වැදගත් තීරණ රැසකට ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එලෙඹි බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ඉහළ යාම සලකා බලා මේ සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම්. පී. ඩී.යූ. කේ මාපා පතිරණ පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ලාභ ලබමින් පැවති මිල්කෝ සමාගම වත්මන් සභාපති රේණුක පෙරේරා යටතේ පාඩු ලබන සමාගමක් බවට පත්වී ඇති බව මිල්කෝ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් 20 දක්වා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 24ක දඩ මුදලක් අය කරගැනීමට හැකිවූ බව පාරිහෝගික කටයුතු අධිකාරිය පවසයි.

දිවයිනේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 300ක් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරියෙකු බැගින් යෙදවීමට පියවර ගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

අධිවේගි මාර්ග ජාලය පෞද්ගලීකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෙරේදා (22) පැවැති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පැය දෙකක් ප්‍රමාද වී අධිවේගි මාර්ගවල ආදායම් එකතු කිරීම ආරම්භ කළ ද පසුගිය 21 වැනිදා සහ පසුගිය සතියේ බදාදා (15) ආදායම් සමඟ සංසන්දනය කිරීමේදී ආදායම් වැඩි වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

හෙරොයින් සම්බන්ධ සිදුවීමකට ජා-ඇළ පොලිසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවකු ඒ ආසන්නයේ ඇති ඇළට පැන පිහිනා පලා යෑමට උත්සාහ දැරීමේදී ඔහු අල්ලා ගැනීමට එම ඇළට පැන්න ආධුනික පොලිස් කොස්තාපල්වරයකු දිය පහරට හසුව ගසාගෙන ගොස් ඊයේ (23) අතුරුදන්ව ඇත.

ld add copy

Latest News

අදත් රටේ තැනින් තැන වැසි

අදත් රටේ තැනින් තැන වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්ව...

Connet With Us