ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක Featured

Published in Gossip
Thursday, 18 September 2025 13:27

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සවයකට පැමිණ සිටි බව වාර්තා වෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්,මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල,රාජිත සේනාරත්න ,නාමල් රාජපක්ෂ,හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා,වජිර අබේවර්ධන, කරෑ ජයසූරිය, අජිත් නිවාඩ් කබ්රාල්, රංජිත් මද්දුමබණ්ඩාර, දයාසිරි ජයසේකර,අකිල විරාජ් කාරියවසම්, ඉරාන් වික්‍රමරත්න, කාවින්ද ජයවර්ධන, ඉම්ටියාස් බාකීර් මාකාර් ,චරිත හේරත්,සුසිල් ප්‍රේමජයන්ත ,ආශු මාරසිංහ ,යෝෂිත රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් මෙම විවාහ මංගල උත්සවයට පැමිණ සිටි බව වාර්තා වෙනවා.

මෙහිදී වට මේසවලට වී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන දීර්ඝ වශයෙන් කතා බස් කළ බවද දැනගන්නට ලැබෙනවා.

මෙම විවාහ මංගල්‍යය පැවැත්වුණේ පැරඩයිස් ඉන් බොල්ගොඩ හෝටලයේය. මාධ්‍යවේදියෙකුගේ පුතෙකුගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධාන කර තිබුණා.

-හිරු නිවුස්

Leave a comment

ld add copy

Connet With Us