කරූ හැමදාම කළේ රනිල්ගේ කුණු කොන්ත්‍රාත්.. දැනුත් එහෙමයි Featured

Tuesday, 17 September 2019 22:36

කතානායක කරූ ජයසූරිය සම්බන්ධයෙන් නොයෙකුත් වර්ණනා ඇති පදම් තිබුණද ඔහු සම්බන්ධයෙන් දිය හැකි සරළම කෙටිම හැඳින්වීම නම් ඔහුගේ එජාප දේශපාලනය පසුගිය විසි පස් වසරක් මුලුල්ලෙ ගොඩනැගුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ කුණු කොන්ත්‍රාත් කර සිය පැවැත්ම තහවුරු කරගත් රූකඩයක් ලෙසය.

පසුගිය ඔක්තෝබර් ආණ්ඩු කුමන්ත්‍රණය හමුවේ ඔහු කළ කාර්යභාරය ගැන ඇගයීම් තිබුණත් ඒ එජාප ජේෂ්ඨයන්ගේ නීතිවේදීන්ගේ උපදෙස් අනුව ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් ගත් තීන්දු තීරණ මිසක් ඔහුගේ මහ ලොකු වීර කමක් නොවන බව දේශපාලනයේ හය හතර තේරෙන ඕනම කෙනෙකු දන්නා ඇත්ත කතාවය.  

කරු ආවොත් එජාපයට පෙන්නේ තරු

එළඹෙන ජනාධිපතිවරණයෙහි එජාප අපේක්ෂකයා ලෙස ඔහුව ඉදිරිපත් කිරීම සඳහා රනිල් - රවී - රාජිත, රයනු ත්‍රිත්වය මතු කරන කාරණය වන්නේද ඔහුගේ කතානායක භුමිකාවේ වැඩ කිඩය. ඔහු ගැන වෙන කියන්න දෙයක් නැත. සිංහල බෞද්ධයකු වීම , ජාතික ඇඳුම ඇඳීම , වයස අවුරුදු 80 ක් වීමේ පරිණත කම, උගතෙකු වීම ව්‍යාපාරිකයකු වීම ආදිය ජනාධිපතිවරණයක් ජය ගැනිමට තරම් බරපතල හේතු කාරණා නොවෙයි.  

වැදගත්ම දේ එජාප සාමාජිකයාගේ , ආධාරකරුවාගේ හිතවතාගේ කැමැත්ත දිනා ගැනීමත් ඡන්දයකදී වැදගත් වෙන පාවෙන ඡන්ද දායකයාගේ විශ්වාසය දිනා ගැනීමත්ය.

කරූට එය කළ හැකිද යන්න ගැන දිය හැකි පහසුම කෙටිම පිළිතුර වන්නේ ' බෑ 'කියන එකය. මන්ද පුළුවන් කියන්න තරම් හේතුවක් නැති නිසාය. එජාප නායකයා, එජාප පාක්ෂිකයා තුළත් අප්‍රිය ජනක චරිතයක් වී තිබෙන විට ඒ නායකයාගේ කුණු කොන්ත්‍රාත් කරන්නා ප්‍රිය ජනක චරිතයක් විය නොහැක.

කරු ජයසූරිය රනිල්ගේ කුණු කොන්ත්‍රාත්කාරයකු බව කියන්නේ හේතු සාධක ඇතිවය.

ගාමිණී අතුකෝරාළගේ හදිසි මරණය

1994 එජාපය පරාජය වීමෙන් පසුව එජාප නායකත්වයට පත් වූයේ ඉතිරිව සිටි ප්‍රභූ පැලැන්තියේ එකම සාමාජිකයා වූ රනිල්ය. රනිල්ට අභියෝගයක්ව සිටි ලලිත් ගාමිණි ඇතුලු කණ්ඩායම ඒ වෙනකෝට ජීවතුන් අතර නැත. ආර් ප්‍රේමදාස විසින් එජාපය තුල ගොඩනැගූ නිර්ප්‍රභූ කණ්ඩායම ඒ වෙනකොට එජාපයෙන් එලවා හමාරය.  රනිල් මතට එජාපයේ නායකත්වය දෙනවා හැර වෙන කරන්න දෙයක් තිබුනේ නැත. ඔහු ජේ ආර් ගේ බෑනා වීමද ඊට හේතුවක් විය. එහෙත් රනිල්ගේ දේශපාලන නායකත්වයට කිසිදාක එජාපය ගොඩගැනීමට හැකි වූයේ නැත  94 න් පසුව එජාපයේ බර කරට ගෙන එය ජයග්‍රහණය දක්වා ඔසවා තැබීමේ විශාලම වැඩ කොටස කළේ ගාමිණී අතුකොරාළය.. ඔහුගේ මරණයෙන් පසුව වූ කඩා වැටීම එය තහවුරු කරයි. එයද රනිල්ගේ වාසනාවට වූවක් ලෙස සැලකිය හැක්කේ ගාමිණී අතුකොරාල මරණයට පත් නොවන්න එජාප නායකත්වය සම්බන්ධයෙන් ලොකුම අභියෝගය එල්ල විය හැකිව තිබුණේ ඔහුගෙන් නිසාය..

කෙසේ නමුත් ඉන් පස්සෙ එජාපය පක්ෂයක් ලෙස යන්තම් පැවැතුනේ ලක්ෂ දෙකහමාරක් වන සාමාජිකයා ඒ අත්හැර නොයෑම නිසාය. එජාප ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සාමාජිකයාගේ තිබු උනන්දුව කැපවීම ජීවිත පරිත්‍යගයෙන් කළ සටන නොවන්න අද එජාපයක් නැත.

මහින්දගේ දෑත් ශක්තිමත් කිරීම

එජාප සාමාජිකයාට තිබු බරපතලම ගැටලුව වූයේ සක්‍රීය ජව සම්පන්න නායකත්වයක් නොමැති වීමේ ගැටලුවය.  එහෙත් එවැනි දෙවන පෙළ නායකත්වයක් මතු වීම වැලක්වීමට රනිල් තමන්ට කළ හැකි සියල්ල අද දක්වාම සිදු කරමින් තිබේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස එළියේ පෙනී සිටියද ඔහු පක්ෂය තුල තනිකර ගෝත්‍රික ඒකාධිපතියකු විය. සිය නායකත්වය ‍රැක ගැනිම හැර ඔහුට පක්ෂය රැක ගත යුතු බවට අදහසක් නොවීය.

2004 මහ මැතිවරණයෙන් රාජපක්ෂගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ ආසන 105 ක් ලබා ගැනීමට සමත් වූවද එය ආණ්ඩු බලය රඳවා ගැනීමට තරම් ප්‍රමාණවත් වූයේ නැත. එහෙත් එම අවස්ථාවේදී ශක්තිමත් විපක්ෂයක් ලෙස පාර්ලිමෙන්තුවේ අනෙකුත් විපක්ෂ කණ්ඩායම් සමග ප්‍රබල විපක්ෂයක් නිර්මාණය කළ හැකි වූවද ඔහු එය සිදු කළේ නැත.  

ඒ මොහොතේදී ඔහු වඩාත් සූක්ෂම වූයේ සිය මිතුරා වූ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීම වෙනුවෙන් කරූ ජයසූරිය ඇතුලු 17 දෙනෙකු මහින්දට ලබා දිමය.  මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට  කරූ ගේ බෑනා වූ නවීන්, රාජිත, දයාරත්න,ලොකුගේ, කෙහෙලිය, මහින්ද සමරසිංහ, මනූෂ, ලක්ෂ්මන් යාපා, ඕලිත,ධර්මදාස බන්ඩා, මොරගොඩ, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු කණ්ඩායමක් ගියේය. මේ අය ගියේ එජාපයට වෙන ආනිසංසය නොදැන නොවේ.

සජිත් ඇණයක් වීම

පක්ෂයේ අභ්‍යන්තර ගැටලු සමතයකට පත් කර ගැනීමත් තමන්ට තවත් කාලයක් පක්ෂ නයකයා ලෙස රැදී සිටීමට අවශ්‍ය වටපිටාවත් සකසා ගැනීමට ඔහුට ඒ අනුව හැකි විය..එහෙත් එහි ප්‍රතිපලයක් ලෙස  මහින්ද රාජපක්ෂට ඒකාධිපතියකු ලෙස හැසිරීමට ඉඩ කඩ ලැබුණු අතර එජාපය තව දුරටත් සෝදා පාළුවට ලක්විය. එහෙත් එය රනිල්ට ගැටලුවක් වූයේ නැත. දිගින් දිගටම මැතිවරණ පරාජයට පත් වූවද ඔහුට එය ගානක් නැති විය.

මේ අතර තුල කාලයේ යළි ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් අභියෝගයක් එල්ල වන්නේ සජිත් ප්‍රේමදාස වෙතිනි. එජාපය තුලට වී සෙමින් නමුත් ශක්තිමත්ව සිය ස්ථාවරය දශකයක තරම් කාලයක් තුලදි ගොඩනගා ගත් සජිත් 2010 පමණ වන විට එජාප නායකත්වය අභියෝගයට ලක් කළේය. සජිත් ඇතුළු කණ්ඩායමේ පීඩනය බර පතල වෙද්දී රනිල් කළේ කරූව නැවත එජාපයට ගෙන්වා ගැනීමය. සජිත් වෙනුවට එම පාර්ශ්වයේ නායකත්වය කරූට ලැබෙන සැලස්විය. 2011 දී  රනිල්ට එරෙහි නායකත්ව ඡන්දයට සජිත් වෙනුවට කරූව ඉදිරිපත් කර පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට රනිල්ට හැකි විය. ඉන් සජිත්ව තවත් කාලයකට නිහඬව තැබීමට රනිල් සමත් විය.  

 රනිල්ගේ ගැලවුම්කාරයා

නැවත් 2015 වසරේ ජනාධිපතිවරණය හමුවේද එජාපය අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට රනිල් මඟ හැරියේ නැවත් පරාජය වීම තුල තමන්ගේ පක්ෂ නායකත්වයට ඉඩක් නොලැබෙන බව දැන ගෙනය.  ඒවන විටත් නායකත්වයට අභියෝග රැසක් එල්ල වී තිබිණි. එක්කො පක්ෂය දෙකඩ කර අනෙක් පාර්ශ්වය එළියට යැවිය යුතුවිය. නැත්නම් පොදු අපේක්ෂකයකු ගෙන ආ යුතුය.

එවකට එජාපය වෙනුවෙන් කරූ ඉදිරිපත් කිරීමට මෙහෙයුමක් දියත් කර පක්ෂය තුල බේදයක් ඇති කිරීමට කටයුතු සැලැස්විය. සිය පක්ෂ නායකත්වයට හානියක් කර නොගෙන කරූව බිල්ලට දීම ඔහුගේ අපේක්ෂාව විය. මන්ද කරූ ආවානම් ඔහු නියත ලෙසම පරාජය වේ. ඒ වගකීම ඔහු මිස රනිල් වග කියන්නේ නැත. රනිල්ගේ වාසනාවට චන්ද්‍රිකාගේ මැදිහත් වීම මත ශ්‍රීලනිපයේ එවකට ලේකම් වරයා වූ මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරවීම නිසා රනිල්ගෙ නායකත්වයට හානියක් වූයේ නැත. තිස්ස අත්තනායක ද පක්ෂෙන් ඉවත් විය. ඒත් ගිනිපුපුරු නිව්නේ නැත.

රනිල් පරාජය කලින් තීන්දු කරයි

 2010 ජනාධිපතිවරණයට පක්ෂය පොදු අපේක්ෂක්යකු ‍තෝරා ගැනිමට ගත් තීන්දුවේ සිටම2015 දීත්  සජිත් ප්‍රේමදාසගේ විරුද්ධත්වය නායකත්වයට එල්ල විය. ඔහු සිටියේ එජාපය ශක්තිමත් පක්ෂයක් ලෙස ගොඩ නැගීමේ තීන්දුවේය. එය රනිල්ට කළ නොහැකි නම් එය කළ හැකි අයෙකුට දිය යුතු බව ඔහු එදා හඬ ගා කිව් දෙයයි.

අද මේ වන විටත් සජිත් කියන්නේ පක්ෂය ශක්තිමත් විය යුතු බවය. ප්‍රතිවාදී කඳවුර විසින් බලවත් චරිතයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක ඊට මුහුණදී ජය ගත යුතු බව ඔහු දැඩි අධිෂ්ඨානයෙන් කියයි.. ඒ අභියෝගය බාර ගැනීමට තමන් සූදානම් බවත් කියයි.

ලැබැඳියන් බේරාගැනීම

රනිල් වික්‍රමසිංහගේ උපක්‍රමය වී ඇත්තේ  තමාට ප්‍රතිවාදියා හමුවේ සටන් කර ජය ගැනිමට නොහැකි බවට වන පූර්ව  උපකල්පනය මත රැඳෙමින් තව දුරටත් පක්ෂ නායකත්වය ‍රැක ගැනීමය. සජිත්ගේ ජය ගැනීමට හැකි හැකියාව ගැන දන්නා ඔහු, ඔහුගේ පෞද්ගලික ආශාව වෙනුවෙන් පක්ෂය පාවා දීමට සූදානම්ය. එය මොහුට සුපුරුදු දෙයකි. ඔහුට පක්ෂය තුළ රැකගැනීමට සිටින්නේ දෙදෙනකු පමණය. අඛිල සහ සාගලය.

පක්ෂය තුල නැගීගෙන ආ දෙවන පෙළ නායකත්වය මුළු මනින්ම පක්ෂයෙන් ඉවත් කිරීමට ඔහු කටයුතු කළේ සිය නායකත්වයට අභියොගයක් වන නිසාය. සිය ලැබැඳියන්ට අභියෝගයක් වන නිසාය. එහෙත් සජිත් ප්‍රේමදාස සියලු  නොපනත්කම් ඉවසාගෙන පක්ෂය තුල රැඳී සිටීමට තරම් උපක්‍රමශීලීවත් ශක්තිමත්වත් සිටීම , අද රනිල් මුහුණදෙන බරපතලම ගැටලුව බවට පත්ව තිබේ.

සිරිකොතට ගල් ගැසීම

රනිල් මෙවරද සිය ගැලවුම්කාරයා ලෙස ‍තෝරා ගත්තේ හැමදාමත් තමන්ගේ කුණු කොන්ත්‍රාත් වලට කර ගැසූ කරූ ජයසූරියවමය.   එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කරූ විය යුතු බවට රනිල්ගෙන් වැටුප් හා වරප්‍රසාද ලබන සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙකු සහ සංඝයා වහන්සේලා යොදාගෙන කරූ ගෙන ඒමේ යෝජනාව සමාජ ගත කිරීමට ඔහුට හැකිව තිබේ. මෙහිදී ප්‍රතිවාදී රාජපක්ෂ කණ්ඩායමේ අධාරකරුවන් පවා කරූ වෙනුවෙන් පෙනී සිටීම මඟින් පැහැදිලි වන්නේ මහින්ද- රනිල් එදා සිටම තම තමගේ බලය රැක ගැනිම වෙනුවෙන් එකිනෙකාට සහය වූ ආකාරයය..  කරූව නායකයා කරන්න යැයි කියමින් සිරිකොතට එජාප පාක්ෂිකයන්ම ගල් ගසමින් සිරිකොට වටලෑමට කටයුතු කරන විට හිටි අඩියෙම සිරිකොට ඉදිරියේ මාර්ගයට පොලිස් ආරක්ෂාව යටතේ තාර වැටෙන්නේ මහින්දගේ කළ ගුණ සැලකීම නිසාය.

මහ බැංකුව කඩන් කෑවා කියා මොකුත් වෙන්නෙ නැත

එළඹෙන ජනාධිපතිවරණය සඳහා සජිත්ව ඉදිරිපත් නොකරන්නැයි ඉල්ලීමක්ද මහින්ද විසින් රනිල්ට කර තිබූ බවත් පසුගිය දිනවල වාර්තා විය. එය නොවිය හැක්ක නොවේ. සාගල, වජිර හරහා රාජපක්ෂලා සමඟ තිබූ ගනුදෙනු දැන් රහස් නොවේ.

රනිල් රවී රාජිත කණ්ඩායම.. විසින් කරූව කරලියට ගෙන ඒමට දර උත්සාහය පැහැදිලිවම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගන්නා ජඩ ක්‍රියාමාර්ගයක් බව පැහැදිලිය.. සජිත්ගේ නායකත්වය මංගලගේ සංවිධානය යටතේ රවීලාගේ  රජිතලාගේ තක්කඩි දේශපාලනයට ඉඩක් ලැබෙන්නෙ නැත. රවීට ඕනෑ හම්බකරන්නය. රාජිතගේ ගැටලුව හම්බකිරීමටත් වඩා සිය පුත්‍රයාට එජාපයේ ලොකු තැනක් සකසා දීමය. රනිල් සිටියොත් ඒ කළ හැකිය. එජාපයේ සජිත් ගේ නායකත්වය් පිළිගෙන රොද බැ‍ඳෙන අලුත් පරපුර හමුවේ මේ විගඩම් කාරයාට එජාපයෙ ඉඩක් හිමි වන්නෙ නැත. එය රාජිත හොඳාකාරව දන්න දෙයකි.

මේ සියල්ලට උත්තරය කරූව බිල්ලට දි තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමය .එජාපයට හෙණ ගහලා ගියත් කමක් නැත. රාජපක්ෂලාගේ ආණ්ඩුවක් ආවා යැයි ඔවුන්ට සිදුවන හානියක් නැත. මහ බැංකුව කඩන් කෑවා කියා මොකුත් වෙන්නෙ නැත. රනිල්ලා රාජපක්ෂලාට හානි නොකිරීමේ කළ ගුණය ඔවුන්ට ලැබෙනු ඇත.

පතෝල කරූ තාමත් එහෙමය

කරූ ජයසූරිය කොළඹ නගරාධිපතිව සිටින අවධියේ විමල් වීරවංශ ඔහුව හැඳින් වූයේ ප‍තෝල කරූ ලෙසය..ඒ කිසිදු දෙයක් ගැන කිසිදු අදහසක් නැත්තෙකු නිසාය..හරියට පතොල මෙන් ගුණත් නෑ නුගුණත් නෑ රසත් නෑ නීරසත් නෑ වගේය..ඔහු අද නිකුත් කළ නිවේදනයද මේ කරුණ තවත් තහවුරු කරයි.. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා යැයි ඔහු සෘජුව නොකියයි..අනිත් අය තීරණය කරනවා නම්.. 'හා'. ඒ නිවේදනයේ සාරය ඔපමණය.. මේ මොන නපුන්සක කමක්දැයි නිතැතින්ම කියැවීම වලක්වන්න බැරිය. මෙහෙම වැනෙන ප්‍රතිපත්ති සැබෑ දේශපාලන නායකයකුට පිහිටන්නෙ නැත. දැන් ප‍තෝල කරූ නොව පොන්න කරූ යැයි කීවත් එය දේශපාලනිකව නිවැරදිය.

පක්ෂ නායකයා කියන්නේ මොකක්ද ඒක කරයි..ඒ ඇයි කියන්නවත් ඔහු දන්නේ නැත. රනිල්ට නටවන රූකඩයක් මිස කරූ යනු වෙන කිසිවක් නොවේ. මැරෙනා සැටි මං පෙන්වන්නම් කියා රනිල් කියන්නේ මොකක්ද ඕනෙම දෙයකට බිලි වීමටද ඔහු සූදානම්ය.

කරූගේ ජනාධිපතිවරණ අපේක්ෂාව ගැන මීට වඩා දෙයක් කීමට නැත.


                         

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us