ඉහළ සංඛ්‍යාතයක ජීවත්වන මිනිස්සු අඳුර ගන්නේ කොහොමද?
ඒ වගේ අයට ආවේණික වෙන මේ වගේ පොදු ලක්ෂණ කිහිපයක් සඳහන් කරන්න පුළුවන්. බලන්න ඔයා මෙහෙම කෙනෙක්ද, එහෙම නැත්නම් ඔයාගේ වටපිටාවේ මෙහෙම අය ඉන්නවද කියලා.

පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ දැනට දිවයිනේ ව්‍යාජ වෛද්‍යවරුවන් 20,000ත් 40,000ත් අතර ප්‍රමාණයක් සිටින බවයි.  මෙය බරපතල තත්වයකි.

සෑම වසරකම මාර්තු 4 වන දිනය ලෝක ස්ථූලතා දිනය ලෙස සමරනු ලැබේ. මෙය 2015 වසරේදී ප්‍රථම වරට ස්ථූලතාව වැඩිවීම හා ඒ හා සම්බන්ධ සෞඛ්‍ය උපද්‍රව පිළිබඳව ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දියත් කරන ලදී.

එතැන් සිට මෙම දිනය වාර්ෂිකව සෞඛ්‍ය සම්පන්න බරක් ළඟා කර ගැනීමට සහ එය පවත්වා ගැනීමටත්, ස්ථූලතාව මග හැරවීමට මිනිසුන්ට උපකාර කළ හැකි ක්‍රියාවන් උත්තේජනය කිරීමට සහාය දීමත් අරමුණු කර ගෝලීය මට්ටමින් දියත් කරනු ලබයි.

ලෝක ස්ථුලතා දිනයේ ඉලක්කය වන්නේ ස්ථූලතාව පිළිබඳව වැඩි පිරිසක් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට මිනිසුන් දිරිමත් කිරීමයි. එමගින් ස්ථූලතාවයෙන් මිදීමට සහ එමගින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට මිනිසුන්ට උත්තේජනයක් දීම අපේක්ශා කෙරෙයි.

ස්ථූලතාවයට ප්‍රධාන හේතුව ලෙස අධික ලෙස ආහාර ගැනීම සහ සිරුරට අවශ්‍ය ක්‍රියාකාරීත්වයන් නිසියාකාරව පවත්වා නොගෙන සිටීම දක්වා ඇත.
ඔබගේ දිනක කැලරි පරිභෝජනය ස්ථූලතාව සඳහා ඇති අවදානමට බලපෑම් කරයි.

සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම සඳහා සාමාන්‍යයෙන් ශාරීරිකව ක්‍රියාශීලී පිරිමියෙකුට දිනකට කැලරි 2500 ක් සහ කාන්තාවන්ට කැලරි 2000 ක් අවශ්‍ය බව ජාතික සෞඛ්‍ය සේවය පවසයි. ස්ථූලතාවය වළක්වා ගැනීම සඳහා මෙම කැලරි, සෞඛ්‍ය සම්පන්න, ස්වාභාවික හා නිවසේ සැකසූ ආහාර වලින් පරිපූර්න කළ යුතුය.

අධික ලෙස ක්ෂණික ආහාර පරිභෝජනය කිරීමෙන් ඔබ ස්ථූල වීමේ අවදානම ඉහළ දමනු ඇත. එසේම, ඔබ නිතරම විශාල ප්‍රමාණ වලින් ආහාර අනුභවයට ගන්නේ නම්ද, ව්‍යායාම නොමැතිකම සහ ශාරීරික ක්‍රියාකාරකම් මද බවද ඔබේ අවදානම වැඩි කරයි. ඔබ ප්‍රමාණවත් ලෙස ක්‍රියාකාරී නොවන විට, ඔබ ගන්නා ආහාර මගින් සපයන ශක්තිය භාවිතා කිරීමට ඔබට නොහැකි වේ.


එලෙසම ජානමය සබඳතා මගින් පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවටද මෙම රෝග තත්ත්වය සම්ප්‍රේෂණය විය හැක. ඔබට ස්ථූලවීම පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබේ නම්, එය ඔබටද අවදානමක් ඇති කරනු ඇත.

1975 වසරේ සිට ස්ථූලතාවය තුන් ගුණයකින් වැඩි වී ඇති අතර ළමුන් හා නව යොවුන් වියේ දරුවන් අතර මෙය පස් ගුණයකින් වැඩි වී ඇත.මෙය සංවර්ධනය වෙමින් පවතින හා සංවර්ධනය නොවන රටවල සියලුම සමාජ කණ්ඩායම්වල සියලුම වයස්වල පුද්ගලයින්ට බලපායි.

වර්තමානය වනවිට ස්ථූලතාවය ශ්‍රී ලංකාවේ ද නැගී එන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත. මුල් අවධියේදීම මෙම ගැටළුව පාලනය කිරීමට සෞඛ්‍ය අංශයේ මැදිහත්වීම අවශ්‍ය බව පෙනීයන කරුණක් වේ.

මේ පිළිබදව අපේ රටේ ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය පවසන පරිදි ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් බිලියන 1.9කට වඩා වැඩි ප්‍රමාණයක් අධිබර සහිත පුද්ගලයින් වන අතර ඉන් මිලියන 650ක් ස්ථුලතාවයෙන් පෙළෙන බව දත්ත අනුව ඇය පවසයි .

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය මෙම අදහස් පළ කළාය.

"මේකේ වැදගත්කම වෙන්නේ, හැමෝම දන්න විදියට ස්ථූලතාවය නැත්නම් තරබාරු කියන වචනය තමා වැඩිය හොඳ. මේ තරබාරුබව විශාල ප්‍රශ්නයක් විදියට දැන් මතුවෙමින් පවතිනවා. මේ නිසා ඇතිවෙන ලෙඩ රෝග ප්‍රමාණයත් වැඩිවෙලා. ලෝකයේ බිලියන 1.9ක් බර වැඩි පුද්ගලයින් ඉන්නවා. ඉන්නවා මිලියන 650ක් තරබාරු බැවින් පෙළෙනවා. එහෙම ගත්තාම ලෝක ජනගහණනේ 39.%ක් අධි බර සහිත පුද්ගලයින් වන අතර එයින් 13%ක් තරබාරුයි."

මෙරට තුළ ද මෙම තත්ත් ය අහිතකර ලෙස දක්නට ලැබෙන බව වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය පවසන්නීය.

"ලංකාවේ තත්ත්වය ගත්තොත්, සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සෑම අවුරුදු 5කට වරක්ම බෝ නොවන රෝගවලට පාදකවන අවධානම් කාණ්ඩ හඳුනාගැනීමේ පරීක්ෂණයක් කරනවා. එතනදි අපි බැලුවහම බර වැඩි සහ තරබාරු අය ගත්තහම 2015ට සාපේක්ෂව අපිට දකින්න ලැබෙනවා වැඩිවීමක්. 2015 දී අවුරුදු 18 - 69ත් අතර පුරුෂයින් 24%ක් වෙලා තිබුණා බර වැඩි සහ තරබාරු පුද්ගලයින්. එය 2021 වන විට 30%ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ එක්කම කාන්තාවන් 2015 දී 34%ක් පැවති අගය 2021 දී 46.7%ක් දක්වා වැඩිවෙලා තියෙනවා. මේකේ විශේෂත්වය වන්නේ තරබාරුව වැඩිවීම බෝ නොවන රෝග ඇති වීමේ අවධානම වැඩිකරනවා."

මේ සියලු කරුණු වලින් පෙනී යන්නේ අපේ රටේ ස්ථුලතාවයෙන් පෙලෙන පුද්ගලයින් ප්‍රමාණය දිනෙන් දින වැඩි වන බවයි..දැනුවත් කිරීම සේම මෙය වළක්වාගැනීමෙහි වගකීම ඇත්තේද පුරවැසි ප්‍රජාවටමය ..ලොව තාක්ෂණය සීග්‍රයෙන් දියුණුවීමත් සමගම අපට එදිනෙද කාර්යන් අද වන විට ඉතා පහසුවෙන් කර ගත හැකි තාක්ෂණික ලොවක අප සියල්ලෝ ජිවත් වෙති. උදාහරණයක් ලෙස අතීතයේ පුද්ගලයන් සැතපුම් ගණන් පයින් ඇවිදගියද අද වන විට එය රථවාහන වලට සිමා වී ඇත..එකට තට්ටු ගොඩනැගිලි වලට පිවිසීම සදහා පඩිපෙළ භාවිතා වුවද අද වන විට එය විදුලි සොපනයකට සීමාවී ඇත..

මෙසා සැම දෙයක් තුලින්ම පෙනී යන්නේ අවසානයේ පුද්ගලයන්ට කිසිදු ශාරීරික යෝගතාවයක් සිදු නොවෙන්නට තාක්ෂනය දියුණු වී ඇති බවයි..එමගින් අවසානයේ කා බි එක තැන වෙසෙන ප්‍රජාවක් තුලින් නොදැනීම රෝගාබාධයන්ට ගොදුරු වී ඇති බවයි..ඉතින් අදට යෙදෙන ලෝක ස්ථුලතා දිනයේ ඔබ ඔබේ ශරීරය පිළිබදව වඩාත් අවධානයක් යොමුකිරිම වටින්නේ ඒ නිසාය.

-P.M

අනුර කුමාර දිසානායක ඊයේ (26) පැවති ජවිපෙ දේශපාලන රැස්වීමකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

මෙය නිර්වචනය කළ යුතුය කියා නලින් ද සිල්වා කරන යෝජනාව වැදගත් වෙයි. මෙයට හේතුව වන්නේ ප්‍රභූ තන්ත්‍රයේ ඉතිහාසය අපේ රටේ ඉතිහාසයේ වැදගත් යටි ධාරාවන් දෙකක් වන ආගමික වාර්ගික ජාතිකවාදය සහ විමුක්තිවාදී දේශපාලනය යන යටි ධාරාවන් දෙක තේරුම් ගැනීමට අවශ්‍ය සන්දර්භය ලෙස ගත යුතු වීමයි. සමකාලීන දේශපාලනය අපට මේ අන්ත තුන අතර දෝලනය වන චලනයක් ලෙස හඳුනා ගත හැක.

එක මිටට…

Tuesday, 20 February 2024 11:36

කළු පාට කොළයක සුදුපාට අකුරෙන් පාරවල් දිගට පෝස්ටරයක් අලවා තිබෙනවා.

දෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් "සිඳු" ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ චරිතයට පණ පෙවූ අපූරුව ඔබට මතක ඇති.

Gossip

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

Connet With Us