උතුරේ ජීවත් වෙමින් සිටි මුස්ලිම් ජනතාව පැය කිහිපයක සහ දින දෙකක් දක්වා වන කෙටි කාලයක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පන්නා දමා මේ සතියට වසර 25 ක් ගතවෙයි. දෙමළ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රීය කලාපය වන උතුරේදී ඔවුන්ට සැළකූ ආකාරය ඉතා ශෝචනීයයි. තම ගම්බිම් හැරපියා යාමට ඔවුන්ට ලැබුණේ පැය දෙකක් වැනි කෙටි කාලයකි.

විදේශ ගමන් බලපත්‍ර අක්‍රමිකතා ප්‍රශ්නයකට දැන් විමල් වීරවංශ මැදිව සිටී. වීරවංශලා යන බහු වචනයෙන් ලියන්නේ, විමල් වීරවංශ පමණක් නොව, ඔහු වෙනුවෙන් පෙනී සිටින අනිත් දේශපාලඥයන් සම්බන්ධයෙන්ද මෙවැනිම දූෂිත ස්වරූපයක්, විවිධ සිදුවීම් අරභයා ඔවුන් කළ මැදිහත්වීම් තුළින් පෙනෙන්ට තිබූ බැවිනි.

ලොව සියළු ඒකාධිපතියන් පෙලුනු පොදු මානසික රෝගයක් තිබේ. Megalomania - අහංකාරෝන්මාදය යනුවෙන් එය අපේ පහසුවට, වටහා ගත හැකි ලෙස පරිවර්තනය කරගත හැක.

මරණ දඬුවම නිසා අපරාධ අඩු වීමක් සිදු නොවන බව, ඇමරිකාවේ මරණ දඬුවම ඇති සහ මරණ දඬුවම නැති ප්‍ර්‍රාන්ත සියල්ල නිදසුනට ගනිමින් ගිය සතියේ පෙන්වා දුනි. වෙන වෙනම රටවල් වශයෙන් ගත් විට ලෝකය පුරා දකින්ට ලැබෙන තත්වයත් එබඳුයි. ඒ නිසා මේ වන විට අපට දකින්ට ලැබෙන්නේ මරණ දඬුවම අහෝසි කිරීමේ ප්‍රවණතාවකි.

උතුරු නැගෙනහිර යුධ සමයේදී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා පත් කළ නිශ්ශංක උදුලාගම කොමිසමේ හා මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තා රටට ඉදිරිපත් කරන ලෙස මහින්දවාදී විපක්ෂයෙන් නැඟුනු හඬ නිසා ඊයේ ගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වාර්තා දෙක පාර්ලිමේන්තු සභාගත කරනු ලැබීය.

 ගම්පොල විදානලාගේ දොන් සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ නැමැති කුඩු රජාට මරණීය දණ්ඩනය නියම කිරීම, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ශ්‍රී ලාංකීය සංග්‍රාමය ලැබූ වැදගත් ජයග්‍රහණයකි. පසුගිය ජනවාරියේ පාකිස්ථානයේදී අත්අඩංගුවට ගැනුණු ඔහුව පසුව ශ්‍රී ලංකාවට ගෙනෙන ලදි. ‘වෙලේ සුදාගේ’ තවත් ලාංකීය සහ විදේශීය අපසාහයකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධ නඩු ඉදිරියේදී ඇසීමට නියමිතයි.

2008 දී හෙරොයින් ග්‍රෑම් 7.05 ක් ළඟ තබාගෙන සිටි වරදට ඊයේ (14) ‘වෙළේ සුදාව’ මරණ දඬුවමට නියම කෙරිණ. සේයා දැරියගේ ඝාතනයට අදාළ ඩී.එන්.ඒ, සාම්පලය ‘කොන්ඩයාගේ’ අයියාගේ ඩී.එන්.ඒ. සමග ගැළපෙන බවත් ඊයේ අධිකරණය වාර්තා කෙළේය. පසුගිය දීර්ඝ කාලය තිස්සේ ලංකාවේ මත්ද්‍රව්‍ය වෙළඳාමේ සිටි ප්‍රධාන චරිතයක් වන ‘වෙළේ සුදාට’ නැවත එම වරද කළ නොහැකි වන සේ දඬුවම් පැමිණවිය යුතුය.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ට විපක්ෂ නායකයා ලෙස ඔහුටත් ඔහුගේ කාර්ය මණ්ඩලයටත් හිමිවන වාහන 16 න් එකක් විපක්ෂයේ සංවිධායක අනුර දිසානායක මහතාට ලබා දීමත් එය ඔහු ‍රැගෙන යාමත් විවේචනය කරමින් මැටි මෝල්ලු පිරිසක් ෆේස් බුකිය පුරා පිනුම් ගසමින් සිටී.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us