රවී ගමට කරපු එක වැඩක් කියන්න ? - මංගල අභියෝග කරයි...

Published in Gossip
Thursday, 11 July 2019 20:43

සීතල යුද්ධයක් ලෙස පැවැති රවීට මංගල ගැ‍ටුම මේ වන විට එළිපිට ගැ‍ටුමක් දක්වා වර්ධනය වෙමින් පවතී. මෙහි උණුසුම් අවස්ථාවක් ඊයේ වාර්තා විය. ඊයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් ‍රැස්වීම අතරවාරයේදී විදුලිබල ඇමැති රවී කරුණානායක විසින් විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල්, මුදල් අමාත්‍යංශය විසින් ලබා දීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් කළේය. (පසුගියදා මෙම අර්බුදය නිසා විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලි බල මණ්ඩලයට සිදුව තිබුණු බව වාර්තා විය. )

මෙලෙස මුදල් ගෙවීමට නොහැකි බවත් අවශ්‍ය නම් යම් ඇපයක් සහිතව සහනයක් පමණක් ලබා දිය හැකි බව මෙහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර සෘජුවම පැවසීමත් සමග ඇමැතිවරුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.

මෙහිදී ඇමැති රවී පවසා සිටියේ තමන් මුදල් ඇමැතිව සිටි කාලයේදි මෙලෙස ණය හිලව් කිරීමට මුදල් අමාත්‍යංශයෙන් මුදල් ලබා දුන් බවත් අදත් එසේ කළ හැකි බවය. එහෙත් ඇමැති මංගල ඊට එරෙහි වෙමින් අසාර්ථක පරිපාලනයන් නිස පාඩු ලබන ආයතන වලට මුදල් ලබා දීම තමන්ගෙ ප්‍රතිපත්තිය නොවන බවත් ඒවාට වග කිව යුතුතේ ඒ ආයතන වල වගකීම් දරණ බලධාරීන් සහ නිලධාරීන් බව අවධාරණය කළේය. අදක්ෂ ඇමැතිවරුන් නිසා වන පාඩු වලට මුදල් අමාත්‍යංශයට කර ගැසිය නොහැකි බවත් තමන් මෙම අමාත්‍යංශය හා ඊට අනුබද්ධ ආයතන පාඩු නොලබන තත්වයෙන් පවත්වාගෙන යන්නෙත් දැඩි දුෂ්කරතා මධ්‍යයේ බවත් වැඩිදුරටත් පැවසීය.

ඇමැති රවී ඊට පිළිතුරු දෙමින් තමන් මුදල් ඇමැතිවරයාව සිටියදී රටේ සංවර්ධනයට විශාල සේවයක් කළ බවත් දැන් එය සිදු නොවන බවත් පැවසීය.

එහෙත් ඊට පිලිතුරු දෙමින් ඇමැති මංගල කීවේ තමන් විසින් 'ගම්පෙරළිය' සහ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා' ව්‍යාපෘති ආරම්බ නොකරන්න එජාපයෙ කිසිදු මන්ත්‍රීවරයකුට ගමටවත් යෑමේ හැකියාවක් නොතිබුණු බවයි. එසේම ඔහු රවී කරුණානායක ඇමැතිවරයාට අභියොගයක් කරමින් , ගමට කළ එක සංවර්ධන කටයුත්තක් ගැන පවසන ලෙස පැවසීය.

එතැනින් නොනැවතී තමන් මෙතෙක් කල් කට පියාගෙන හිටියේ තමන්ගේ මහත්මාකමට බවත්. තමන් කට ඇරියොත් කිහිප දෙනෙකුටම අමාරු වෙයි යනුවෙන් ද ඔහු අවධාරණය කළේය.

ඉන් පසුව ඇමැති රවී නිහඬ විය.

මෙම වචන හුවමාරුව වන විට අගමැති රනිල් වික්‍රමසිංහ දෙදෙනා දිහා බලමින් සිනා සිසී සිටියා මිස කිසිවක් ප්‍රකාශ නොකළේය.

Last modified on Thursday, 11 July 2019 20:47

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us