අසමසම පරිවාර ඇමැති

Published in Gossip
Saturday, 27 August 2022 12:32

ඊයේ රන්ජන් රාමනායක බන්ධනාගරයේ පිටතට එන විට ඔහුව රැගෙන ආවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. එසේම එතැන් සිට මහා මාර්ගයටත්, වාහනයටත්, විපක්ෂ නායක කාර්යාලයටත් රන්ජන්ව පරිස්සම් කරගෙන ඔහුගේ අවශ්‍යතාවයන් ඉ‍ටු කරමින් රැගෙන ආවෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.

බැලු බැල්මටම මෙය පරිවාර ඇමැතියකුගේ භුමිකාව සිහි ගන්වන්නකි. සාමාන්‍යයෙන් පැරණි රාජාණ්ඩු යුගවල රජකු සමඟ රජුගේ සැප පහසුකම් වුවමණා එපාකම් විමසමින් ඒ සපුරාමින් කටයුතු කිරීමට වගකීමෙන් බැදි නිලධාරියා පරිවාර ඇමැති ලෙස හැඳින්වීමක් තිබිණි.

නූතනයේදී ද විදේශ රටකින් පැමිණෙන ජනාධිපතිවරයකු වැනි ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් මෙලෙස පරිවාර ඇමැතිවරයකු හෝ ඉහළ රාජ්‍ය නිලධාරියකු පත් කිරීමේ අවස්ථා දකින්න ලැබේ. එසේ පත් කිරීමක් කරන්නේ එම රටේ අගමැතිවරයා, විදේශ ඇමැතිවරයා හෝ වෙනත් වගකිව යුතු ඇමැතිවරයකුට ඒ සඳහා සහභාගී වීමට නොහැකි වීමේ ප්‍රායෝගික තත්වයන් ආදිය නිසාය.

සජිත් ඊයෙ දිනයේදී රන්ජන්ගේ පරිවාර ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටීම ගැන දු‍ටු විට මතකයට එන්නෙ වරෙක සජිත් ප්‍රේමදාසට පරිවාර ඇමැතිවරයා ලෙස නම් කරන ලද නිල අවස්ථාවක් දී ඔහුට වූ ඇබැද්දියය. ඔහුට පරිවාර ඇමැතිකම දරන්නට සිදු වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටියදී ඉන්දීය අගමැතිගේ මෙරට සංචාරය අවස්ථාවේ දීය.

එසේ නමුත් සත්‍ය ලෙසම එය ලැබුණා නොව, සජිත් විසින් සිරිසේනට බැගෑපත් වී ඉල්ලා සිටි තනතුරකි.

මන්ද සජිත් ප්‍රේමදාස ඒ වෙන කොටත් වෙලී ගැලී සිටියේ මීලඟ ජනාධිපතිවරයා ලෙස පත් වීමේ සුන්දර සිහිනයකය. එහෙත් ඔහුට ඒ සඳහා අවශ්‍ය කරන ජාත්‍යන්තර සම්බන්ධතා කියන සුදුසුකම තිබුණේ නැත. කොටින්න්ම අසල් වැසි ඉන්දියාවේ නායකයන් සමඟ හෝ ඔහුට ගනුදෙනුවක් තිබුණේ නැත. මේ නිසා නරේන්ද්‍ර මෝඩි මෙරටට පැමිණීමේ අවස්ථාව පාවිච්චි කර ඔහු සමඟ මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීම සජිත්ගේ අපේක්ෂාව විය.

එසේම මේ සඳහා සිරිසේන එකඟවන්නෙ ඒ වෙන කොටත් අගමැති රනිල්, ඇමැති මංගල ආදීන් සමඟ තිබුණු නොහොඳ නොක්කාඩුකමය. රනිල් අගමැති කමෙන් එළවා සජිත්ව පත් කිරීමේ යටි ආසාවද සිරිසේනට තිබුණු බැවින් සජිත්ට එම අවස්ථාව කියන පරක්කුවට ලැබිණි.

එහෙත් සජිත්ගේ අවාසනාවට නරේන්ද්‍ර මෝඩිගේ පරිවාර ඇමැතිවරයා ලෙස අඩුම තරමින් මෝඩි සමඟ එක වාහනයේ ගමන් කිරීමේ අවස්ථාවක්වත් ලැබුණේ නැත. සජිත් වැනි දේශපාලන ගොබ්බයෙකු සමඟ මිතුදම් පැවැත්වීමට මෝඩි අකමැති වීමක්ටත් වඩා සජිත්ගේ ගෝබ්බ හැසිරීම් මධ්‍යයේ මේ තත්වය උදා වී තිබු බව ඒ තතු හොඳින් දන්නා අය දනිති.

කොහොම නමුත් මේ නිසා සිත්තැවුලෙන් සිටි සජිත්ට කොහොම හරි අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් සිරිසේන ජනාධිපතිවරය මෝඩි හමුවේ පිංසෙන්ඩු වී අවස්ථාවක් ලබා දීමට කටයුතු කර තිබිණි. ඒ මෝඩි මෙරට ගත කළ අවසන් දින රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසුව නැවත නවාතැනට යන ගමන සඳහා මෝඩිගේ වාහනයට සජිත්ව නංවාගෙන යෑමය. මේ අවස්ථාව ආවරණය කිරීමට සජිත් මාධ්‍ය කණ්ඩායමක්ද ගෙනවිත් තිබුණු බවත් පැවැසේ. මෝඩි සජිත්ට අවස්ථාවක් දීමට ඊට එකඟ වූ නමුදු ඒ මොහොතේත් සජිත්ගේ පණ්ඩිත කතාවක් නිසා වූ අපහසුතාවයක් මත මෝඩි සජිත්ව වාහනයට දා ගත්තේ නැත.

සජිත්ගෙ ජීවිත කාලය තුළ සැබෑකර ගැනීමට නොහැකි වූ මේ පරිවාර ඇමැති සිහිනය ඇත්තටම සජිත් සැබෑකර ගත්තේ ඊයේ දිනයේදී රන්ජන්ගේ පරිවාර ඇමැතිවරයා ලෙස එම කටයුත්ත බලහත්කාරයෙන්ම අතට ගැනීමෙනි. සමහර විට රන්ජනගෙන් ඊට අවස්ථාවක් ඉල්ලා සිටියාද යන්න දන්නේ රන්ජන්ය.

ජනාධිපතිධුරයට අගමැතිධුරයට සිහින මැව්වද ලැබුණු විපක්ෂ නායකධුරය හෝ ඒ ධුරයට හිමි ගෞරවයෙන් සහ වගකීමෙන් යුතුව මෙහෙයවීමේ නොහැකියාව සජිත් මේ දක්වා පෙන්වා තිබේ. අඩුම තරමින් විදේශ නායකයකුගේ පරිවාර ඇමැතිවරයකු ලෙස කටයුතු කිරීමවත් කරගත නොහැකිව ප්‍රතික්ෂේප වූ සජිත් රන්ජන්ගෙන් හෝ ඒ අවස්ථාව ලැබීම ඔහුගේ දේශපාලන ජීවිතයේ ලැබු මහගුම ජයග්‍රහණය විය හැකිය. ඊයේ දිනයේදී සජිත් පෙන්වූ උද්දාමණීය හැසිරීම ඊට සාක්ෂියකි.

කොහොම නමුත් ඊයේ රන්ජන්ව කර තබාගෙන සජිත් හැසිරුණ විදිහට සජිත්ගේ දේශපාලන අනාගතය ගැනත් යමක් සිතා ගත හැකිය. සමගි ජන බලවේගය සමඟ කටයුතු කරන පාක්ෂිකයන් හෝ හිතවතුන් දැන්වත් කල්පනා කළ යුතු වන්නේ තමන්ගේ මේ අසම සම නායකයා අද වැටී තිබෙන විහිළු සහගත තත්වය අනුව අනාගතයේදී රටේ කරුමයකට හෝ රටට තවත් පිස්සෙකු නායකත්වයට පත් කිරීමට තමන් දායක විය යුතු ද යන්න ගැනය.

 

Last modified on Saturday, 27 August 2022 13:01

Leave a comment

ld add copy

Connet With Us