ඡන්ද ප්‍රතිඵල - මහබැංකුව මංගලට.., මංගල ශ්‍රීලනිපයට..,

Published in Gossip
Saturday, 27 January 2018 11:23

මෙවර පාළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව එහි ප්‍රතිපළය කවරක් වූවත් ආණ්ඩුව තුල බරපතල දේශපාලන විපර්යාසයක් වනු ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. ජනාධිපතිවරයා දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදී මෙරට ආර්ථිකයේ හැසිරවීම තමා විසින් බාර ගන්නා බවට කළ ප්‍රකාශය තහවුරු කරමින් මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ඇති මහ බැංකුව, මුදල් ඇමැති මංගල සමරවීර යටතට පත් කිරීම සිදුවීමට නියමිත අතර මංගල සමරවීර මහතාද යළි දේශපාලන පිම්මක් පනිමිත් ජනාධිපතිවරයාට සහය දක්වන පිලිවෙතකට යෑම සිදු වීමට නියමිතය.

මේ වන විටත් මංගල සමරවීර මහතා හිටපු ජනාධිපතිනියගේ උපදෙස් පරිදී මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතෛශී ලෙස කටයුතු කරමින් තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. මුල්‍ය ක්ෂෙත්‍රයේ සංවේදී තොරතුරු ‍රැසක් පසුගිය කාලයේදී ජනාධිපතිවරයා වෙත පත්කර ඇත්තේ සමරවීර මහතා විසින් බවද පැවසේ.

එමෙන්ම මේ වන විට කල් ඉකුත් වී ඇති සම්මුතික ආණ්ඩුව වෙනුවට සියලු පක්ෂ එක්කර ගත් ජනාධිපතිවරයාට වැඩි බලතල හිමිවන ලෙස 'භාරකාර' ආණ්ඩුව නමින් සමස්ත පාර්ලිමේන්තුවම නම් කිරීමට උත්සාහයක් තිබේ. මේ වෙනුවෙන් විශේෂ ව්‍යස්ථා ප්‍රතිසංස්කරණයක්ද සිදු කිරීමට සැලසුම් කර තිබේ.
ඉදිරි වසර දෙකක කාලයක් සඳහා මෙම නව ආණ්ඩුව බිහිකිරීමට නියමිතය. එහි අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාම කටයුතු කරනු ඇති බවද දැන ගැනීමට තිබේ. එහෙත් ඔහුගේ බලතල බරපතල කප්පාදුවකට ලක් කෙරෙනු ඇත.

කෙසේ නමුත් මේ සියලු දේශපාලන කුමන්ත්‍රණ වල අවසාන අරමුණ මෛත්‍රීල සිරිසේන 2025 තෙක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් උදාකර ගැනීම බව එම පාර්ශ්වයේ සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි. කෙසේ නමුත් මේ කුමන්ත්‍රණකාරී පියවර අසාර්ථක වුවහොත් මංගල සමරවීර මහතාව අගමැති ලෙස නම් කර ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිකිරීමට නියමිතය. මේ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සහයත් එජාපයේ මන්ත්‍රීවරු ගනනාවකගේ සහය හිමිවනු ඇති බවත් දැන ගැනීමට තිබේ. විශේෂයෙන්ම කිලී මහරාජා නටවමින් සිටින විශාල එජාප තරුණ මන්ත්‍රීන් කණ්ඩායමේ සහය ජනාධිපතිවරයාට හිමිවනු ඇත.

Leave a comment

ld add copy

Latest News

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාර...

Connet With Us