විශ්වාසභංගයෙන් වැඩක් නෑ.. ශ්‍රිලනිප කැබිනට් සංශෝධනය මැයි 7න් පසුවට කල්තබයි

Published in Gossip
Wednesday, 28 March 2018 11:28

කැබිනට් මණ්ඩලයේ ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ විෂය මාරු කිරීම මැයි 07 වන දිනෙන් පසුව සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයෙන් අපේක්ෂිත වෙනස සිදු නොවන බව මේ අනුව සැලකිය හැකිය.

යම් ලෙසකින් විශ්වාසභංගය ජයග්‍රණය කළේ නම් ව්‍යවස්ථාව අනුව එය ආණ්ඩුවට එරෙහි යෝජනා සම්මතයක් වන අතර ඒ අනුව සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවා හැරිය යුතු වේ. අගමැතිවරයාට එරෙහිව පමණක් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ හැකියාවක් ව්‍යස්ථාව යටතේ කළ නොහැකිය. ඒ අනුව ඒ නුදුරු දිනයකම නව අගමැතිවරයකු පත් කර නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සිදු විය යුතුය.

ජනාධිපතිවරයා ශ්‍රීලනීප ඇමැති සංශෝධනය මැයි 07 වනදායින් පසුව සිදු කිරීමට තීරණය කිරීම අනුව පැහැදිලි වන්නේ විශ්වාසභංගයෙන් වැඩක් නොවන බවය. එසේම මැයි දිනය (07) සඳහා වැඩි සෙනගක් සහභාගී කරවා ගැනීමේ අභියෝගයද ජනාධිපතිවරයාට තිබෙන නිසා..ඇමැති සංශෝධනය මැයි දිනයෙන් පසුවට කල් දමා ගැනීමට කටයුතු කර ඇති බවත් පැහැදිලිය.

එක්සත් ජාතික පක්ෂයට අදාල කැබිනට් සංශෝධනය මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා  සිදු කළ අතර .එහිදී ශ්‍රීලනිප සංශෝධනයන් සති 2ක් ඇතුලත සිදු කරන බව ප්‍රකාශයට පත් කර තිබිණි.

Last modified on Monday, 12 August 2019 00:20

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us