ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(13) මහ බැංකු බැඳුම්කර නිකුතුවේ සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තිබේ.

සුනාමි නිවාස ව්‍යාපෘතියක මුදල් අයථා  ලෙස යෙදවීමක් සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග  පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත අද(13) උදෑසන කැඳවා ඇතැයි වාර්තා  වේ.

ශ්‍රී ලංකාවේ ස්භාවික ගෑස් නිෂ්පාදනය මේ වසරේ අවසානය වනවිට ආරම්භ කිරීමට නියමිත බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

වත්මන් ආණ්ඩුව මගින් නැවත වතාවක් මාළඹේ ආයතනයට උපාධි විකිණීමේ බලතල ලබාදීම කටයුතු කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික පවසයි. ඔහු මෙම අදහස් දැක්වූයේ අද(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ වසරේ වාර්තා වී ඇති  ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. මේ වනවිට මුළු දිවයිනෙන්ම  13423 ක රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

වර්තමාන ජනාධිපතිවරයා ජනතාවට සේවය කරන ජනතා පුත්‍රයෙකු මිස මහාරජාණන් කෙනෙක් නොවන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසුවේය. ඔහු මෙම අදහස් දැක්වූයේ රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සදහා වූ උත්සවයට ඊයේ (11) සහභාගීවෙමිනි.

1986 වසරේ සම්පාදනය කළ ජාතික කොඩිය සම්බන්ධයෙන් වූ රීති සංග්‍රහය නීති සංග්‍රයක් බවට පත් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට අද (13) ඉදිරිපත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා පවසයි.

සන්නස්ගල එජාපයට

Published in පුවත්
Wednesday, 13 May 2015 10:13

උපුල් ශාන්ත සන්නස්ගල රත්මලාන ආසනයේ එ.ජා.ප. ආසන සංවිධායකවරයා වශයෙන් පත්කර තිබේ.

ld add copy

Connet With Us