ලබන මාසයේ ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධාන පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ සමාලෝචනය අවසන් වීමට පෙර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ද්විපාර්ශ්වික ණයහිමියන් වන පැරිස් සමාජයේ නිල ණය කාරක කමිටුව (OCC) සහ චීනයේ අපනයන-ආනයන බැංකුව (EXIM බැංකුව) සමඟ රජය අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කිරීමට අපේකෂා කරන බව දැනගැනීමට තිබේ.

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප් වැඩිවීම ලබා දීමට වතු සමාගමක් අයහපත් කළමනාකරණය හේතුවෙන් අපොහොසත් වන්නේ නම් එවැනි වතු සමාගම් සමග එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීමට හැකි වන පරිදි නීති හඳුන්වාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

කරාපිටිය ශික්ෂණ රෝහල, ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කරමින් ගාල්ල ජාතික රෝහල ලෙස නම් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරග කිරීමට තීරණය කර ඇති බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.

තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

හෙටට (23) යෙදෙන උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට පියවර ගෙන තිබේ.

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර තිබේ. 

ld add copy

Connet With Us