ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබීය.

 හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
 

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ආර්ථිකය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයන් සිදු කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පූර්ණ ආබාධිත තත්ත්වයට හෝ අංගවිකල තත්ත්වයට පත් වීමේ දැඩි අවධානමක් ඇතැයි, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඊයේ මාලිගාකන්ඳ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසුවේ ය.

නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ආසන්නතම වසර පහක කාලය තුළ ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළ බැස තිබේ. 

ld add copy

Latest News

Connet With Us