ඉත්තෑවෙක් ගිලපු පිඹුරෙකුට සිද්ධ වෙච්චි දේ (photos)

Published in අනං මනං
Friday, 26 June 2015 11:06

මිනිස් ලෝකයේ කෙසේවෙතත් සත්ව ලෝකය තුල ප්‍රබලයා විසින් දුබලයා ගොදුරු කරගැනීම සිදුවෙනවා. ඒවගේම දුබලයන්ටත් ආරක්ෂාවීම සඳහා තමන්ට අවේනික උපක්‍රම සොබාදහම සපයලා දීල තියෙනවා.

අපි දන්නා පරිදි උරග වර්ගයේ සතුන් තමන්ගෙ ගොදුර අඩපණ කර සැපිමකින් තොරව ගිලිනවා.  දුබලයෙක්ව ගොදුරු කරගන්න ගිහින් අමාරුවෙ වැටුණු පිඹුරෙක් ගැනයි මේ පුවත.

 දකුණු අප්‍රිකාවේ අභය භූමියක  මේ පිඹුර මියගිහිල්ල තියෙන්නෙ ඉත්තෑවෙක් ආහාරයට ගැනීමට නිසයි.

අපි හැමෝම දැක ඇති පරිදි  ඉත්තෑවගේ ඇඟ පුරා පිහිටලා තියෙන කූරු නිසා වෙන සතෙකුට ඌට හානියක් කරන්න අමාරුයි. නමුත් පිඹුරට ගිල්ලට පස්සේ තමයි එක අවබෝධ වෙන්න අත්තේ.

පිඹුර ගිලලා තියෙන්නෙ කිලෝ  ග්රෑම් 14ක පමණ ඉත්තෑවෙක් බව පැවසෙනවා . සත්වවේදීන් අනුමාන කරන  පරිදි ඉත්තෑ කූරු පිඹුරගෙ ජීර්ණ පද්ධතියේ  ඇනීම නිසා තමයි මේ පිඹුරා මියගොස් තිබෙන්නෙ.

පිඹුරා මිය යන්න සැබෑ හේතුව අනාවරණය වෙලා නැතත් උගේ ශරීරය කපා පරීක්ෂාකිරීමෙන් පස්සෙ පෙනී ගොස් තිබෙන්නේ විශාල ප්‍රමාණයක් ඉත්තෑ කූරු පිඹුරාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල ඇනී  ඇති බවයි.

සාමාන්‍යයෙන් උරගයන්ගේ ශරීර තුල  තමන්ගෙ ගොදුර අඩපණ කිරීමට වගේම ජීර්ණය කිරීම සඳහාත්  රසායනික ක්‍රියාවලියක් සිදුවෙනවා. මේ හේතුව නිසාම බොහෝ උරගයන් අවධානම නොතකා ගොදුරු  ගිල දැමීම සිදුකරන බව පැවසෙනවා.

animal3

animal4

animal5

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us