ලස්සනට අභියෝග කරන රැවුල් මනාලිය

Published in අනං මනං
Thursday, 02 July 2015 13:26

රැවුල අයිති පිරිමින්ට විතරද? රැවුල කියල අදහස් කරන්නෙ මුහුණේ ඇතිවෙන රෝම. බොහෝවිට පිරිමින්ගෙ මුහුණේ රෝම ගැහැණුන්ට සාපේක්ෂව වැඩිපුර ඇතිවෙනවා.

නමුත් අපි හැමෝගෙම අඩුවැඩි වශයෙන් මුහුණේ රෝම තියෙනවා. සමහරුන්ගේ ශරීරයේ ඇතිවෙන විවිධ වෙනස්කම් හේතුවෙන් මුහුණේ රෝම වැඩිපුර ඇතිවෙනවා වගේම අඩුවෙනුත් ඇතිවෙනවා. ඒකට ගැහැණු පිරිමි බේදයක් නෑ.

හර්නම් කවුර් කියන්නෙ විශේෂ රෝගී තත්ත්වයක් හේතුවෙන් මුහුණේ, පපුවේ අත්වල  රෝම වැවීම වැඩිපුර සිදුවෙන තරුණියක්. ඉන්දියානු සම්බවයක් සහිත මේ බ්‍රිතාන්‍ය තරුණිය වයස අවුරුදු 16 සිට මෙම තත්ත්වයට මුහුණ දෙමින් සිටිනවා.

මේ තත්ත්වය හේතුවෙන් ඇය විශාල මානසික පීඩනයකට ගොදුරැ වීම හේතුවෙන් දිවිනසා ගැනීමට පවා උත්සාහ කර තිබෙනවා. නමුත් ඇය  පසුව මේ අභියෝගයට අභියෝග කිරීමට පටන් ගන්නවා.

ලෝකයේ කාන්තාවකගේ ලස්සන, ශරීරිය පිළිබඳ තිබෙන ආකල්පවලට අභියෝග කරන ඇය තමන්ව 'The Bearded Dame' එහෙම නැත්තම් රැවුල් ගැහැණිය ලෙස හඳුන්වා ගන්නවා.

මේ තරුණියගේ ධෛර්ය පිලිබඳ පැහැදෙන ඡායාරූප ශිල්පිනි ලුයිසා කලත්රස්ට් ඇයව හරි අපූරු වැඩකට යොදාගන්නවා. ලුයිසා තමන්ගෙ Urban Bridesmaid කියන වෙබ් අඩවියේ සඳහා හර්නම් කවුර් මනමාලියක් ලෙස සරසවා ඡායාරූප එකතුවක් නිර්මාණය කරනවා.

තමන්ගේ මුහුණ පුරා වැඩුණු රැවුලත් සමඟ මේ ඡායාරූප සඳහා පෙනී සිටින කවුර් තමන්ගෙ රූපය පිළිබඳ වදවෙන වගේම ඒ පිළිබඳ නොසතුටින් සිටින හැමෝටම ආදර්ශයක්.

harnam2 

harnam3

harnam5

harnam7

harnam8

harnam9

harnam10

harnam12

harnam13

harnam14

harnam15

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us