කොළඹ පවුල් ආරවුල් වැඩිවෙලා – ගුටි කෑ බිරියන් 30 ක් ජාතික රෝහලේ…..!

Published in Gossip
Wednesday, 01 September 2021 12:08

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගතවූ දින 10 තුළ (අගෝස්තු 21 සිට අගෝස්තු 31 වැනිදා දක්වා) නිවෙස් තුළ සිදුවූ පවුල් ආරවුල් හා බීමත් පුද්ගලයන් අතරේ ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 150 කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි වාර්ථාවේ.

රෝහල්ගත කළ අය අතර, සැමියන්ගේ පහරකෑමට ලක්වූ බිරින්දෑවරුන්ද 30 දෙනකු වන බවද අනෙක් පිරිමි පුද්ගලයන් අසල්වැසි පිරිමි පුද්ගලයන් සමග මත්පැන් පානය කර ඇතිවූ බහිස්බස්වීම් දුරදිග යෑමෙන් පසු ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ අය වේ.

මීට අමතරව ගතවූ දින 10 තුළ නිවසේදී සිදුවූ වැටීම්වලින් පිලිස්සීම්වලින් පුද්ගලයන් 100 දෙනකු පමණ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත. රෝහල්ගත කළ සියලූ දෙනා කොළඹ සහ ඒ අවට පදිංචි අවුරුදු 23 ත් 70 ත් අතර වයසේ පසුවන්නන්ය.

-දිවයින

Leave a comment

ld add copy

Latest News

උඩදුම්බරට භූ චලනයක්

උඩදුම්බරට භූ චලනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක්...

Connet With Us