නුවරඑළිය කලාපයේ පාසල් 156න් පාසල් 4ක් සහ හැටන් කලාපයේ පාසල් 150න් පාසල් 9කට නිවාඩු ලබා දී ඇති බවයි කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන් කියා සිටියේ.
පවතින අයහපත් කාලගුණයත් සමග පාසල් පැවැත්වීම ගැන තීරණය ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් වෙත පවරනු ලැබූවා.
නුවරඑළිය සහ හැටන් කලාපයේ අනෙකුත් පාසල්වල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන් වැඩි දුරටත් පැවසීය.

