මුදල් අමාත්‍යාංශයේ කප්පම්කාරයන් නැත. කෙරවලපිටිය බලාගාරය දියයුතුයි. - මහින්ද පතිරණ

Published in Gossip
Thursday, 23 September 2021 14:40

මුලින්ම කිව යුත්තේ කෙරවලපිටිය විදුලිබලාගාරය යනු රාජ්‍ය සමාගමක් නොවන බවයි. එහි හිමිකාරයා වන්නේ West Coast Power නම් පෞද්ගලික සමාගමයි.

පසුගිය මහින්ද ආණ්ඩුව 2006 වසරේ දී මෙම බලාගාරය නිර්මාණය කිරීම සඳහා පුද්ගලික අංශයෙන් යෝජනා කැඳවන ලද්දේ පැවති එජාප ආණ්ඩුව කාලයේ දිනපතා විදුලි කප්පාදුවලට යාමට සිදුවීමෙන් රටේ ජනතාවද, ආර්ථිකයද විශාල පසුබෑමකට ලක්ව තිබූ අවදියකයි. එවක විදුලිබල ඇමති කරූ ජයසූරියට "කළුවර" ජයසූරිය යන නම පට බැඳුණේ ද ඔහු ප්‍රශ්නයට විසඳුම් නොදී විදුලිය දිනකට පැය දහය දොළහ කපා දැමූ නිසයි. මාස 10කින් පමණ ඉහත බලාගාරය නිමවා ඉන් නිපදවෙන විදුලි බලය ජාතික පද්ධතියට එකතු කිරීමට එවක මහින්ද ආණ්ඩුවට හැකිවිය.

උක්ත බලාගාරය හැදීම සඳහා අදාළ පුද්ගලික සමාගම HSBC බැංකුවෙන් ණයක් ඉල්ලා සිටි විට, එවක තිබූ තත්වය අනුව බැංකුව කීවේ ඒ සඳහා තමාට රජයේ ඇපකරයක් අවශ්‍ය බවයි. අවශ්‍යතාව සලකා බලා ණය වෙනුවෙන් භාණ්ඩාගාර ගරන්ටිය ලබා දෙන්නෙ ඒ අනුවයි. කෙසේ වෙතත්, ආණ්ඩුව මෙහි දී නීතිපති උපදෙස් පැතූ අතර නීතිපති ප්‍රකාශ කළේ එසේ ඇපයක් ලබා දීමට නම් ගොඩනැගෙන සමාගමේ කොටස් 50%ක් පමණ රජය තබාගත යුතුබවයි.

ඒ අනුව, පුද්ගලික සමාගම විසින් එම කොටස් ආණ්ඩුව වෙත පවරා ණය ලබාගෙන බලාගාරය ඉදි ක⁣ළේය. ණය මුදල ලබාගෙන බලාගරාය සාර්ථකව ඉදිකෙරී යුධ සමයේ පවා මහා විදුලි කප්පාදුවකින් තොරව රටට විදුලිය ලැබෙන්නේ මේ අනුවයි.

අද වන විට අදාළ සමාගම විසින් විදේශ බැංකුවෙන් ලබාගත් ණය මුදල ගෙවා අවසන් කිරීමට ඉතා ආසන්නයි. ඒ අනුව, තවදුරටත් භාණ්ඩාගාරය සතු කොටස් ගරන්ටිය තබා ගැනීමේ අවශ්‍යතාවක් නැත. කළ යුත්තේ එම කොටස් ලාභයක් සහිතව විකුණා, රටට අවශ්‍ය විදුලි බලය එකතු කිරීමට ආයෝජනය කිරීමයි. එම පසුබිම තුළ ඇමරිකාවේ New Fortress Energy නම් සුප්‍රකට සමාගම මෙහි ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබුණි. NASDQ ලැයිස්තුගත සමාගමක් ලංකාවේ ආයෝජනය කරන පළමු අවස්ථාව මෙය වේ.

කෙසේ වෙතත්, ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ සමාගමේ පාලන කොටස් බහුතරයකි. එහෙත් මුදල් අමාත්‍යාංශය ඊට කිසිසේත්ම එකඟ වූයේ නැත. අමාත්‍යාංශය කීවේ ලබා දිය හැකි උපරිම කොටස් ප්‍රමාණය 40%ක් බවයි. එවිට සමාගමේ පාලනය තවදුරටත් දේශීය සමාගම හා සෙසු රාජ්‍ය ආයතන සතුවේ. අවසානයේ සමාගම මීට එකඟ විය.

ඒ අනුව, 40%කට කොටස් වෙනුවෙන් ඩොලර් මිලියන 250ක් ගෙවීමටත්, තවත් එවැනිම මුදලක් ආයෝජනය කරමින් මෙගාවොට් 350ක පරිසර හිතකාමි ගෑස් බලාගාරයක් ඉදිකිරීමටත් එකඟ විය. එය රජයේ කොටස්වලට ලැබෙන ඉතාම වාසිදායක මුදලකි. මුදල් අමාත්‍යාංශය විසින් හැකි උපරිම ලාභය තම කොටස් සඳහා ලබාගෙන තිබේ.

මේ අතර, 2023 වන විට නව ගෑස් (LNG) බලාගාරය ඉදිකිරීම අවසන් කරනු ඇත. එය රටේ බලශක්ති අර්බුදයට විසඳීමට තවත් යෝධ පියවරක් ඉදිරියට තැබීමකි. මේ අතර, මෙම සමාගම විසින් ම බටහිර මුහුදේ LNG ගබඩා සංකීර්ණයක්ද ඉදි කිරීමට කටයුතු යොදා ඇත. ඒ සඳහාද රජය සමග අදාළ සමාගම මේ වන විට ගිවිසුම්ගත වී තිබේ.

මෙම ආයෝජනය ලංකාවට අවශ්‍ය ම මොහොතේ පැමණි ඉහළම වටිනාකමින් යුතු එකකි. මෙවැනි සමාගම් රටක ආයෝජනය සඳහා පැමිණීමම ජයග්‍රහණයකි. මන්ද, ඒ අනුව යමින් එවැනි තවත් සමාගම් රටට ඒමයි. ලංකාව ගොඩ ගැනීම සඳහා විදේශ ආයෝජන අත්‍යවශ්‍ය අංගයක් බව කිසිවෙකුට අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ අවශ්‍ය නොවන්නේ නම් අප දැනටමත් ගොඩ ගිය රටකි.

සිංගප්පූරුව, තායිවානය, මැලේසියාව වැනි රටවල් මෙවැනි විදේශ ආයෝජන හරහා තම ආර්ථිකයන්හි ඉහළ පිම්මක් ගත්තේය. එම රටවල ආයෝජන කරන විට අප යුද්ධ කරමින් සිටි නිසා ඔවුන් මෙහි පැමිණියේ නැත. අනෙත් කාරණය නම් කප්පම්ය. අද සුප්‍රකට ඇමරිකානු සමාගම් පවා ලංකාවට විත් ආයෝජනය කරන්නේ මුදල් අමාත්‍යාංශය තුළ තවදුරටත් කප්පම්කාරයින් නැති නිසාය.

මෙම අවස්ථාව අප රට ඉදිරියට ගෙන යාම සඳහා උපරිමයෙන් යොදාගත යුතුය. රට එකතැන පල්විය යුතුය යන ගෝත්‍රික හැඟීමෙන් අප මිදීමද වැදගත්ය. කිසිවක් නොකර අලබතල ටිකක් සිටුවාගෙන නිකං ඉඳීමෙන් රටක් දියුණු වන බවට වන මිත්‍යාවෙන්ද අප මිදිය යුතුය.

-මහින්ද පතිරණ (පුවත්පත් මණ්ඩලයේ සභාපති)

(ෆේස්බුක් සටහනක්)

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us