රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

Published in Gossip
Sunday, 04 February 2024 11:48

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්ගේ අසාධ්‍ය සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ඔහු යළි මෙරටට ගෙන්වා දෙන ලෙස දෙමළ දේශපාලන පක්ෂ රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු පසුගිය ඉරිදා අසාධ්‍ය තත්ත්වයෙන් 'රජිව් ගාන්ධි රජයේ මහ රෝහල'ට ඇතුළත් කෙරිණි.

55 හැවිරිදි සාන්තන් අක්මාව ආශ්‍රිත සෞඛ්‍ය සංකූලතාවයෙන් පෙළෙන අතර යාපනයේ පදිංචිව සිටින තම වයස්ගත මව සමඟ නැවත ජීවත්වීමට කැමැත්ත පළ කර ඇත. ඔහු ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ඇතුළු සංචාරක ලියකියවිලි ලබා දෙන ලෙසයි.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 32ක සිරගතව සිටි සාන්තන් නිදහස් කරන ලද්දේ නාලිනී ශ්‍රීහරන්, ශ්‍රීහරන්, රොබට් පායාස්, ජයකුමාර් සහ රවිචන්ද්‍රන් යන තවත් වැරදිකරුවන් පස්දෙනා සමඟිනි. ඔවුන් කිසිවකුට ගමන් ලියකියවිලි හෝ විදේශ ගමන් බලපත්‍රයක් නොමැති බැවින් ඔවුන් සියලු දෙනා මේ වන විට ට්‍රිචි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රයේ විශේෂ කඳවුරක රඳවා සිටිති.

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) සහ දෙමළ ජාතික ජනතා පෙරමුණ(TNPF), දශක ගනනාවක සිරගතව සිටි සාන්තන් මානුෂීය හේතූන් මත කඩිනම් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය බලධාරීන්ට ලිඛිතව ලිවීය. අලුතින් තේරී පත් වූ ITAK ප්‍රධානී එස්. ශ්‍රීදරන් ද වරදකරුට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වන පරිදි අවශ්‍ය ගමන් ලියකියවිලි සකස් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය සමඟ ගැටලුවක් ඉදිරිපත් කළේය.

මෙම වයෝවෘද්ධ මව සහ පවුලේ අය මේ සතියේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හමුවී මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය. තම පුතු ජීවතුන් අතර සිටිනු දැකීම තම අවසන් ප්‍රාර්ථනාව බවත් අවසන් කාලයේ ඔහු සමඟ ටික කාලයක් ගත කිරීමට තමන් කැමති බවත් රෝගී මව අමාත්‍යවරයාට පැවසා තිබිණි.

Leave a comment

 

ld add copy

Connet With Us