ඒ අනුව නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ යාබද උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය අද දිනයේදී පීඩන අවපාතයක් දක්වාත්, හෙට දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සැප්තැම්බර් 23 වනදා පමණ වන විට එය උතුරු ආන්ද්‍රා ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරයට ආසන්න බෙංගාල බොක්ක ප්‍රදේශයට ළඟා වීමට ඉඩ තිබේ.
අදාළ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 55ත් 65ත් අතර දක්වා විටින් විට ඉහළ යා හැකි අතර, මුහුද රළු හෝ ඉතා රළු විය හැකියි.
තවද අනතුරු ඇඟවීම් යටතේ නම් කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි සමඟ සුළං වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බව සඳහන්ය.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසත්, දැනට එම ප්‍රදේශවල රැඳී සිටින ධීවර යාත්‍රා ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ඉවත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

