පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා Featured

Published in Gossip
Monday, 06 May 2024 17:01

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණු චරිතයක්. රිදී තිරයේ අහිංසකාවිය වගේම රිදි තිරයේ කදුලු බින්දුව වශයෙනුත් ඇයව හදුන්වනවා. ‍ඒ ඇගේ පවත්නා කතා විලාශයත් ඇය සතු ගති ගුණවල ස්වභාවයත් නිසා.

රංගන ශිල්පිනියක් වුන විදිහ මතක් කරමුද?

මම රංගන ශිල්පිනියක් වුණේ අහම්බයකින්. මම පියාණන්ට පින් දෙනවා ඔහු තමයි මාව මේ වෘත්තියට යොමු කළේ. මගේ ගෙදර කලා පසුබිමත් මේ අවතීරණයට හේතුවක් වෙන්න ඇති. මොකද මගේ පියා ගේ සමකාලිනයන් ගොඩ දෙනෙක් කලා කටයුතු වලට මගේ නිවස තුළ නිරත්තරයෙන් රැදුනා. ම‌ගේ මාමා ඇවිත් මට කිව්වා ගුවන් විදුලියේ මේ වගේ වැඩක් කරනවා සහභාගි වෙන්න කියලා. මම එහෙම කියපු ගමන් කිව්වේ මට නම් බැ කියලා. නමුත් මගේ තාත්තා මට කිව්වා මට හිතෙනවා ඔයාට මේක කරන්න පුලුවන් වෙයි කියලා . ඒ නිසා මේක ඔයා කරන්න කියලා. ඉතින් ඔහුගේ කැමැත්ත පරිදි තමයි 'අත්ත බිදෙයි ' කියන මැදිරි නාටයක ට මම මුලින්ම සම්බන්ද වෙන්නේ. එ‌තකොට මම හිටියේ නවයේ පන්තියේ. මම ගොඩක් කුලෑටි ලමයෙක් මගේ පාඩුවේ සෙල්ලම් කරලා හුදකලාවට ප්‍රිය කරන කෙනෙක් තමයි මම කියන්නේ. අඩුම තරමේ තාත්තා එක්ක ගුවන් විදුලියට පුංචි කාලයේ ඉදන් ගියත් මට මේ සම්බන්ධ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ මට උවමනා උනේම ගුරුවරියක් වෙන්න. එහෙම හිටපු මාව තමයි මගේ තාත්තා මේ වැඩසටහනට යොමු කරලා මේ තාක් දුර ආවේ.

ඊට පස්සේ 'හිරු දහස' කියලා වේදිකා නාට්‍යයකට මට සහභාගි වෙන්න අවස්ථාව උදා වුණා. නමුත් මගේ කට හඩ මගෙ ලග ඉන්න කෙනෙක්ට වත් ඇහෙන්නෙ නැහැ. පස්සෙ මට ගුරුවරයෙක් ගෙනද් දුන්නා. ඒ තමයි ජැක්සන් ඇන්තනී මහතා. ප්‍රේක්ෂකාගාරය තුළ ඉදිරි අසුන්වලටවත් මගේ කටහඩ ඇහුනෙ නැතිව තිබුණට එතුමාගේ ගුරුහරුකම් නිසා මට ප්‍රේක්ෂකාගාරයේ කෙලවර අසුනට යනකම් හඩ හසූරුවන්න පුලුවන් උනා. එතුමා මට කියලා දුන්නා කොහොමද ඔ්නෑම චරිතයක හඩ හසුරවන විදිහ පිළිබදව.

අපි තාත්තා ගැනත් සදහන් කරමු

රවිලාල් විමලධර්ම කියන්නේ මගේ තාත්තා ඇත්තටම ඔහු හරිම කරුණාබර මනුස්සයෙක්. හරිම නිවුණු ගති පැවතුම් ඔහු තුළ තිබුණා. කවදාවත් තහනම්කරේ නැහැ කිසිම දෙයක් අපිට යන පාර පෙන්නල දුන්න විතරයි. ඔහු සරසවි ආචාර්යවරයෙක් ඒ වගේම ගුවන් විදුලි සංස්ථාව් හින්දි සේවයේ නිවේදකයෙක් හැටියටත් වැඩසටහන් සම්පාදකවරයෙක් හැටියටත් කටයුතු කරා. ඔහු තමයි ලංකාවේ හින්දි සේවයේ පුරෝගාමියා.

තාත්තා ඉගැන්නුව තැන දුවත් ඉගන ගත්තා නේද

ඒකත් තාත්තාගේ කැමැත්තට වෙච්ච සිද්ධියක්. ඇත්තටම ඒ කැමැත්තෙන්ම මට තාත්තා නැති උනා. මම ඒ සිද්ධියට ඇත්තටම කැමති නැහැ. කොහොමත් මට විශ්වවිද්‍යාල සංස්කෘතිය කියන දේට කැමති වෙච්ච කෙනෙක් නෙවෙයි. මම තාත්තට කිව්වේ මම බාහිරින් උපාදියක් කරන්නම් කියලා නමුත් තාත්තා කිව්වේ විශ්වවිදයාලය තුල ලබන අද්දැකීම සහ රංගන ශිල්පිනියක් විදිහට මට විශ්වවිද්‍යාලය තුළ තව ඉදිරියට ගමනක් යන්න පුලුවන් වෙයි කියලා ජලයත් මනෝරත්න ජැක්සන් ඇන්තනී යන අය වගේ. තාත්තගේ බලකිරිමටත් මම කියන දේ අහන දුවෙක් හැටියටත් මම අන්තිමේදි විශ්වවිද්‍යාල අධ්‍යාපනය තෝරාගත්තා. මම විශ්වවිද්‍යාලයට ඇතුලු උනේ හින්දි භාෂා විශේෂවේදී උපධියක් හදාරන්න. ‍

නමුත් මට මගේ පියා අහිමි වීමට එකම හේතුවත් ඒකම උන එක ගැන තියෙන්නේ ගොඩක් කලකිරීමක්. මාව දරුණු ලෙස නවක වදයට ලක් වුණා. මාව තනියෙන් නවක වදයට යොමු කළා. සේරමගෙන් කොන් කරා. මානසික වශයෙන් මෙන්ම කායික වශයෙන් මාව නවක වදයට ලක් කරා. තව කෙනෙකුගෙ අවස්ථාවක් මම නැති කරා කිව්වා.මම පොහොසත් නිසා මට රට ගිහින් ඉගන ගන්න කිව්වා. ඉතින් නිදහස් අධ්‍යාපනයේ අයිතිය මටත් තියෙනවා. තාත්තා බොහොම පශ්චාත්තාපයට පත් වුණා. මේ ලමයා දුක් විදින්නේ මම නිසා නේද කියලා. ඔහු ගේ සංවේදී කම වැඩිකමට ම ඔහු සැහෙන්න මම ගැන හිතුවා. ඔහුට බේරගන්න බැරි උනා මොකද තාත්ත ඒහෙම උදව් කරා නම් මට මේ නවක වදය දෙගුණයක් වෙන්න තිබ්බා. සාමාන්‍ය අයට වඩා දැඩි ලෙස මට බලපාපු නිසා මගේ පියාණන්ට කල්පනාව අහිමි වෙලා ස්නායු ආබාදයක් පවා ඇති වුණා. නවක වද කාල සීමාව තුළම ඔහු උගන්වමින් සිටින අතරතුරයි මේ අනතුර ඒහුට මේ දේ සිද්ද වුණේ. අන්තිමට තාත්තට අපිව මතකයකවත් තිබුණේ. නැහැ. ජීවිතේ හොදම වයසෙදි දියණියකට තාත්තෙක් සිටිය යුතුම කාලයේ දී මට මගේ තාත්තා නැති උනා.

අවසානයේ දී මගෙ ජයග්‍රහණ පවා මගේ තාත්තට බලන්න බැරි උනා. ‍මේ පීඩනය දරා ගන්න බැරිව මම විශ්වවිද්‍යාලය තුළම දිවි තොර ගහගන්න හැදුවා. නමුත් තාත්තා නැති උන කම්පනය ශක්තියක් කරගන මම ජීවිතය ජය ගත්තා ඔහු හිතුවාටත් වඩා.

රංගන ශිල්පියෙකුට අධ්‍යාපනය කියන දේ කොපමණ පිටුවහලක් වෙනවාද ?

ඉස්සර සමහරු මට හිනා වෙනවා මොකද මම ශූටින් අතරතුරත් නෝට් අරන් පාඩම් කරන නිසා. මට අහල තියෙනවා ඇයි ඔච්චර ඉගන ගන්නේ ඔබගේ වෘත්තිය මේකනම් මේ දේට මෙච්චර ඉගන ගන්නේ මොනවටද අහලා තියෙනවා. රංගනය හෝ තමන් නියැලෙන වෘත්තිය දැනුම අතින් හරියට පෝෂණය විය යුතුයි. තමන් අධ්‍යාපනයක් ලබන කොට අපි පරිපූර්ණ වෙනවා. සාහිත්‍ය ඇසුරු කිරීම නැති උනොත් හරි කලාකාරයෙක් වෙන්නේ නැහැ. ඒක මට මගේ තාත්ත දිපු උපදේශයක්. මම තවමත් ඉගනගන්නවා.

ඔබ උගත් දෙයින් කතිකාචාර්යවරියක් වෙන්න අවස්ථාවක් තිබ්බ නේද ?

මම මගේ වෘත්තියට අහම්බෙන් ආවත් මම දකින විදිහට මේ වෘත්තිය ගොඩක් උතුම් වෘත්තියක්. කෙනෙක්ව සුවපත් කරන්න පුලුවන් විදිහේ වෘත්තියක්. මම මේ වෘත්තියට ගොඩක් ගරු කරනවා.

කොහොම උනත් ඒ වන විට මගේ පවුලේ බර මට පැටවිලයි තිබුණේ. මට ඔවුන් වෙනුවෙන් කාලය යොදවන්න උනා. මම මගේ වෘත්තිය තුළ මම ආර්ථිකයෙනුත් මානසිකවත් තෘප්තිමත් නිසා මම මේ වෘත්තිය තුළම ඉගනගනිමින් නියැළුනා.
ඉන්දියානු ප්‍රංශ ඉතාලියා කැනඩා වැනි විදෙස් රටවලත් රංගනයෙන් දායකවෙන්න අවස්ථාව ලැබුණා. 90 දශකය තුළ විශේෂයෙන් ඒකාලේ කවුරුත් දන්නැ. මොකද අද වගේ සෝෂල් මීඩියා තිබුණේ නැහැ . මම බොහොම ලෝ ප්රොෆයිල් ඒකේ ජීවත් වෙන කෙනෙක් විදිහට මට මේ දේවල් කියා යන්නත් උවමනාවක් තිබුණේ නැහැ.. විදේශීය චිත්‍රපට නාමාලියක් තියෙනවා කියලත් කවුරුත් දන්න කෙනෙක් නැතිවෙන්න ඒක එක හේතුවක් වෙන්න ඇති.


Yashodha

yashoooo

 

Last modified on Monday, 06 May 2024 17:03

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us