පේරාදෙණියේ පස් නිවුන් දරු උපතක්

Thursday, 03 July 2014 22:04

පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් පස් නිවුන් දරු උපතක් අද (03) වාර්තා විය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයබන්දු හේරත් මහතා සඳහන් කළේ මහනුවර පැලැල්ලේගම ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි තනූජා ඒකනායක නැමැති නීතීඥවරියක් මෙම දරු ප‍්‍රසූතිය සිදුකර ඇති බවයි.

පිරිමි දරුවන් හතරදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු උපත ලබා සිටින බවත්, ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

වසර 10 ක් දරුවන් නොමැතිව සිටි මෙම කාන්තාවට පස් නිවුන් දරු උපත අද සිදුවූයේ සිසේරියන් සැත්කමකිනි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය සිසිර රණරාජා මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් දරු උපතේදී වෛද්‍ය සහාය ලබාදී තිබේ.

(nethfm)

baby-1

baby-2

baby-3

baby-4

baby-5

Leave a comment

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us