සෝභිත හිමි - විමල් අලුත් හවුලක්!

Tuesday, 08 July 2014 14:12

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් අද (08දා) පෙරවරුවේදී බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් සකස් කළ ලියවිල්ල පිළිබඳව සාකච්ඡුා කිරීමට එම ව්‍යාපාරය ජාතික නිදහස් පෙරමුණෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම සාකච්චාව සංවිධානය කර තිබිණ.

එහිදී විධායක ජනපති ධුරය අහෝසි කිරීම, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළ ක්‍රියාත්මක කිරීම හා මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදුකිරීමට අදාළව අදහස් හුවමාරු වී තිබේ.

කෙසේ වෙතත් පසුව අදහස් දැක්වූ මාදුළුවාවේ සෝභිත හිමියන් සඳහන් කළේ පොදු අපේක්ෂකයා සම්බන්ධව සාකච්ඡා නොකළ බවයි.

Wimal Sobitha-1

 

Wimal Sobitha-3

Wimal Sobitha-2

Leave a comment

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us