රතන හිමි සහ රනිල් අතර එකඟතාවක්

Thursday, 10 July 2014 22:12

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප‍්‍රමුඛ ‘පිවිතුරු හෙටක්’ උදෙසා ජාතික සභාවේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවති අතර, දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, අනුපාත ඡන්ද ක‍්‍රමය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකෙරුණු බවයි.

‘රට ගත යුතු ඉදිරි මග’ නමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බවද වාර්තා වේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් අතර හමුවක් ද ඊයේ පැවැත්වින.

විවිධ දේශපාලන පක්ෂ සමග තමන් මේ සම්බන්ධයෙන් ඉදිරියටත් සාකච්ඡුා කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුහ.

UNP Rathana-1

 

UNP Rathana

UNP Rathana-2

UNP Rathana-3

Last modified on Thursday, 10 July 2014 23:13

Leave a comment

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us