ගිණි ගෙන දැවෙන අනාගත ලෝකය

Published in අනං මනං
Tuesday, 16 June 2015 11:35

මේ ටිකේ වහිනවා වගේම තමයි රස්නෙත්. ගිණි ගහන්න පායනවා. අනාගතේ ලෝකෙ උෂ්ණත්වය කොහොම වෙයිද කියල දැනගන්න කැමති නැද්ද?

වාර්තාවෙන ආකාරයට මේ ශතවර්ෂය අවසානයේ තවත් උෂ්ණත්වය වැඩිවෙන්න නියමිතයි. නාසා විද්‍යාඥයන් 2100 වනවිට ලෝකයේ උෂ්ණත්වය සහ වර්ෂා රටාව පිළිබඳ තොරතුරු ඇතුලත් වාර්තාවක් නිකුත් කරලා තියෙනවා.

මේ වාර්තාවට අනුව අනාගතයේදී විවිධ රටවල වගේම විවිධ නගරවල සිදුවන උෂ්ණත්වයේ වෙනස කාබන් ඩයොක්සයිඩ් ඉහල යාම හරහා හඳුනා ගැනීමට හැකිවෙනවා. එයට අනුව ශතවර්ෂය අවසානයේ වායුගෝලයේ කාර්බන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මිලියනයකට 935 දක්වා ඉහල යනවා.

මේ අවුරුද්දෙ මුල නිකුත් කරපු වාර්තාවන්ට අනුව කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය මිලියනයකට 400ක් ලෙස වාර්තා උනා. මේ ආකාරයට මේ ශතවර්ෂය අවසානයේ වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය දෙගුණයටත් වඩා ඉහළ යනවා කියන්නෙ අප්‍රිකාව, දකුණු ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ට වඩා වැඩි වෙනවා.

මේ වාර්තා පිළිබඳ අදහස් දක්වන නාසා ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ඇලන් ස්ටොෆාන් පවසන්නේ අනාගතයේදී ලෝකයේ ජනතාවට උණුසුම් වූ ලෝකයක් මත වාසය කරන්න වැඩි වැඩියෙන් විවිධ උපකරණ අවශ්‍ය වෙනු ඇති බවයි.

එසේම අනාගත ලෝකයේ සිදුවිය හැකි හදිසි ගංවතුර, නියඟ සහ අස්වැන්න පාලුවීම පිළිබඳවත් මේ හරහා දැනගැනීමට පුළුවන් බව නාසා ආයතනය පවසනවා.

hot-world2

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us