සල්ලි වෙනුවට කන්න දෙන බැංකුවක්

Published in අනං මනං
Tuesday, 16 June 2015 12:36

ලෝකයේ විශාල ප්‍රමාණයක් කුසගින්නේ සිටින බව අපි සියලු දෙනා දන්නා කාරණයක්. විශේෂයෙන්ම ඉන්දියාවේ දුප්පත්කම සහ විවිධ හේතු නිසා කුසගින්නෙ සිටින ප්‍රමාණය අධිකයි.

මේකට විසඳුමක් ලෙස ලක්නව් මහෝබා ප්‍රදේශයේ ජනතාව බැංකුවක් නිර්මාණය  කර තිබෙනවා. හැබැයි මේක සල්ලි දෙන බැංකුවක් නෙමෙයි.

රොටි බැංකුවක්. මේකෙ ආයෝජනය කරන්නෙ රොටි සහ ව්‍යංජන.

රොටි බැංකුව පිහිටවල තියෙන්නෙ  ලක්නව් මහෝබා ප්‍රදේශයේ ජීවත්වෙන දුප්පත් ජනතාවගේ ආහාර අයිතිය වෙනුවෙන්. මේ බැංකුව පාලනය වෙන්නෙ තරුණ තරුණියන් සහ වැඩිහිටියන් 45 ක් ගෙන් යුතු පිරිසක් හරහා.

රොටි බැංකුව හැමදාම පිසින ලද රොටි සහ ව්‍යංජන වර්ග  දුප්පත් මිනිස්සුන්ට සපයනවා. මේ බැංකුව පවත්වාගෙන යන  සාමාජිකයන් ගෙයින් ගෙට ගිහිල්ල ආහාර රැස්කරනවා.

මේ වසරේ අප්‍රේල් මාසයේ ආරම්භ කරපු රොටි බැංකුව මේ වෙනකොට 400ක පමණ පිරිසක් පෝෂණය කරන බව වාර්තා වෙනවා. මේ  හරහා සිඟන්නන්, රෝහල්ගතව සිටින රෝගීන්, මුඩුක්කු ජනතාවට ආහාර සැපයෙනවා.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us