විවාහක කාන්තාවක් සමඟ ඇසුරක් පැවැත්වූ අවුරුදු 10ක ළමයෙකුට දඩ

Published in අනං මනං
Wednesday, 17 June 2015 11:21

වයස අවුරුදු 10ක පිරිමි ළමයෙකුට විවාහක කාන්තාවක් සමඟ ඇසුරක් පැවැත්වූ බවට චෝදනා කර  පකිස්ථානයේ දකුණු දිග නගරයක පිහිටි ගෝත්‍රික අධිකරණයක් මගින් ඇමරිකානු ඩොලර් 7000ක දඩයක් නියම කර තිබේ.

මෙම සිදුවීම වාර්තා වුවේ කරච්චි නගරයට කිලෝමීටර් 510 ක් උතුරින් පිහිටි භක්රනි නම් දුෂ්කර ගමෙනි. ගෝත්‍රික අධිකරණය  පවසන්නේ වයස අවුරුදු 10ක දරුවා වෙනත් ගෝත්‍රයක විවාහක කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වා ගෝත්‍ර දෙක අතර අපිරිසිදු රුධිරය නිර්මාණය කර ඇති බවයි.

මෙම සිදුවීම ගෝත්‍රික අධිකරණයට ගෙන ඒමෙන් පසු පිරිමි දරුවාගේ පවුලට එම දඩ මුදල ගෙවීමට නියම කර ඇත. දඩ  මුදලෙන් අඩක්  ගෙවා ඇති අතර ඉතිරි මුදල ගෙවීම සඳහා මාස තුනක කාලයක් ලබාගෙන ඇති බව පැවසේ.

කෙසේවෙතත් එම ප්‍රදේශයේ පොලිසිය පවසන්නේ ගෝත්‍රික අධිකරණය  තීරණ නීති විරෝධී බව සහ මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.

පකිස්ථානු නීතියට අනුව වැඩිහිටි පිරිමියෙකු ගැහැණු දරුවෙකු සමඟ ලිංගික එක්වීමක් නීති විරෝධී කටයුත්තක් ලෙස සැළකුණත් වැඩිහිටි ගැහැණියක් සහ පිරිමි දරුවෙකු අතර සම්බන්ධතවයක් පැවැත්වීම පිළිබඳ නීතියක් නොමැත.

පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ගෝත්‍රික අධිකරණ නීති විරෝධී බවට 2013 වසරේ තීන්දුවක් ලබාදෙන ලදී. පවුල් ආරවුල් සමථයට පත්කිරීම වැනි හේතු නිසා කුඩා ගැහැණු දරුවන් විවාහ කිරීමේ තීන්දු හේතුවෙන් ගෝත්‍රික අධිකරණය විවේචනයට ලක්ව තිබේ.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us