වැළඳගන්න යුවාන් 10යි

Published in අනං මනං
Wednesday, 29 July 2015 13:48

චීනෙ විශාල දියුණුවක් අත්කරගෙනලු. විශාල ආර්ථික වර්ධන වේගයක් පෙන්නනවලු. ලෝක බලවතා වන ඇමරිකාව සමඟ කරට කර තරඟ වදිනවලු.

මේ අම්මව කැමරාවට හසුකරගෙන තිබෙන්නේ නිරිතදිග චීනයේ චොන්ග්ක්යින් නගරයේදීයි.

මේ චීන අම්මා තමන්ගේ දියණියගේ වෛද්‍ය වාර්තා සමඟ දියණියවත් තබාගෙන වැළඳගැනීම සඳහා යුවාන් 10ක මුදලක් අය කරන බව සඳහන් දැන්වීමක් ඔසවාගෙන මහ මඟ රැඳී සිටිනවා.

ඇය උත්සහ කරන්නෙ ලේයුකේමියා රෝගයෙන් පිද විඳින තමන්ගේ කුඩා දුවට ප්‍රතිකාර කිරීමට වැයවෙන අධික මුදලෙන් කොටසක් හෝ උපයාගැනීමටයි. ඒ සඳහා ඇය පාරේ යන එන උදවිය යුවාන් 10ට වැලඳගන්නවා.

ලියුකේමියාවෙන් පෙලෙන ඇගේ දරුවා වෙනුවෙන් මේවනවිටත් යුවාන් 70000ක් පමණ වැය කර ඇති බව පැවසෙනවා. ප්‍රතිකාර සඳහා වැයවෙන අධික වියදම පියවීම සඳහා එම මාපිය දෙපළට ණය මුදලක්ද ලබාගැනීමටද සිදුව තිබෙනවා .

මේ ආකාරයට දෙමව්පියන් විවිධ රෝගාබාදවලින් පෙලෙන්න තම දරුවන් වෙනුවෙන් පාරේ රැඳී සිටිමින් මුදල් රැස්කිරීම් චීනයේ බහුලව දකින්න ලැබෙනවා. මීට පෙර අශ්වයෙකු ලෙස සැරසුණු පුදගලයෙක් තම පිට මතුපිට පුදගලයන්ට ගමන් කිරීමට සලස්වා මුදල් එකතු කිරීමේ යෙදී සිටි ආකාරය මාධ්‍ය වාර්තා කර තිබුණි.

chaina hug mom

Last modified on Wednesday, 29 July 2015 13:49

worky

worky1

ld add copy

Connet With Us