දිස්ත්‍රික් 6ක් සඳහා ප්‍රකාශයට පත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම අද (21) පස්වරු 6 දක්වා ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

සංගීතඥයෙකු සහ ජනපි‍්‍රය ගායකයෙකු වූ හරූන් ලන්ත‍්‍රා මහතා අද(21) අභාවප‍්‍රාප්ත වී අැත.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී විපක්ෂයේ පුද්ගලයකු ආණ්ඩුවට ගෙන කැබිනට් ඇමැති පදවියක් ප්‍රධානය කර විපක්ෂ ඡන්දදායක කොටස්වල සහය තමා වෙත ලබා ගැනීමට උත්සහ කිරීම ඡන්ද අල්ලසක් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අපූර්ව ප්‍රකාශයක් සිදු කර තිබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අල්ලස් හෝ දූෂණ විමර්ශන කමි‍ටුවට කැඳවීම ගැන මහත් කළබලයක් හට ගෙන ඇත.

විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශගෙන් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.

හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන ජනපතිගේ විධායක බලතල මොට කරන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම වලක්වාලීම සඳහා ශ්‍රී ලනීපය තුල කුමන්ත්‍රණකාරී සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශණ ඒකකයට කැඳවීමට විරෝධය දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමෙන්තු සභාගර්භයේ බිම වාඩිවී විරෝධයක නිරතවූහ.

ld add copy

Connet With Us